ශ්‍රී ලංකාව තුළ පවතින කහ හිඟය නැති කිරීම සඳහා වසර එකහමාරක කාලයක් තුළ කහ පිටරටින් ගෙන්වීමට අවසර දෙන බව කුඩා වැවිලි බෝග සංවර්ධන හා ඒ ආශ්‍රිත කර්මාන්ත හා අපනයන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
කහ කිලෝවක් රුපියල් 700ට වැඩියෙන් අලෙවිකරන වෙළඳුන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය හරහා නීතිය ක්‍රියාත්මක කර පාරිභෝගිකයා ආරක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා මෙසේද පැවසීය.
” මේ රටේ කහ හිඟයක් තියෙනවා. ඒ හිඟය නැති කිරීමට අපි අවුරුදු එකහමාරක් තුළ රටේ කහ වගා කරනවා. එතකන් රටට අවශ්‍ය ප්‍රමාණයට වුවමනා කහ රටින් ගේන්න ඉඩ දෙනවා. මොනම හේතුවක් මතවත් ඉස්සර වගේ ඕනෑතරම් කහ පිටරටින් ගේන්න ඉඩ දෙන්නේ නැහැ. ඕනෑ තරම් ගේන්න ඉඩ දීලා තමයි මේ රටේ සුළු අපනයන භෝග ගොවියා නැත්තටම නැති වුණේ. අපේ රටට අවශ්‍ය ප්‍රමාණය නැතිනම් අඩුව ගේන්න ඉඩ දෙනවා.
ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා එතුමාගේ අවසරය ඇතිවයි ඊට ඉඩ දෙන්නේ. කොහොම නමුත් රටට අවශ්‍ය කහ ඇතුළු සුළු අපනයන භෝග රට තුළම වගා කිරීමේ වැඩපිළිවෙළ වහාම ආරම්භ කරනවා. අවුරුදු එක හමාරක් ඇතුළත රටට අවශ්‍ය කහවලින් රට ස්වයං පෝෂිත කරනවා.
කහ තියෙනවා. කහ හංගාගෙන ඉන්නවා වැඩි මිලට විකුණන්න. පාරිභෝගික අධිකාරියට කියලා තියෙනවා මේ හංගලා තියෙන කහ තොග ගැන සොයා බලන්න කියලා. පාරිභෝගිකයා අපහසුතාවයට පත් කරන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. කහ විකිණිය යුත්තේ රු. 700 ටයි. ඊට වැඩියෙන් කහ විකුණුවහොත් පාරිභෝගික අධිකාරි පනත යටතේ කටයුතු කරනවා. ” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...