ව්‍යාපාරික පුවත්

වෙළෙඳපොළේ පවතින පොල්තෙල් හා ෆාම්තෙල් අහඹු පරීක්‍ෂාවකට ලක්කර එහි ප‍්‍රමිතිය තහවුරු කර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බව එම අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.

මේ වනවිට වෙළෙඳපොළේ අලෙවි වන පොල්තෙල් හා ෆාම්තෙල්වල ප‍්‍රමිතිය පිළිබඳව ගැටලූ තිබෙන බව කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) ආයතනයද මේ වනවිට ප‍්‍රකාශ කර තිබෙන නිසා වෙළෙඳ පොළේ අලෙවිකරන මෙම තෙල් දෙවර්ගයේ සාම්පල් ලබාගෙන පරීක්‍ෂා කිරීමට කටයුතු කරන බව දිසානායක මහතා කීය.

වෙළෙඳපොළේ පොල් ගෙඩියක් රුපියල් 80 ක් වැනි මිලක් වෙද්දී පොල්තෙල් බෝතලයක් රුපියල් 260 ක් වැනි මිලකට අලෙවි වන බවත්, එවැනි මිලකට ප‍්‍රමිතියෙන් තොර පොල්තෙල් ලබාදෙන බවට පාරිභෝගික අධිකාරිය සැකකරන බවත් ඒ මහතා කීය.

පාරිභෝගික අධිකාරිය විසින් වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති පොල්තෙල් හෝ ෆාම්තෙල් ප‍්‍රමිතියෙන් තොර බවට තහවුරු වුවහොත් ඒවා අලෙවි කරන වෙළෙඳසල් හිමියන්ට එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බවද දිසානායක මහතා වැඩිදුරටත් කීය.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More