ව්‍යාපාරික පුවත්

ප‍්‍රධාන විදුලි පද්ධතියේ ඇති වූ දෝෂයත් සමග දිවයින පුරා පෙරේදා (17දා) දහවල් සිට පැය අටක් පුරා පැවති විදුලිය ඇනහිටීම යථා තත්ත්වයට පත් කිරීම ස`දහා නවතා දැමූ මෙගාවොට් 900 කින් යුත් නොරොච්චොලේ විදුලි බලාගාරය නැවත පණ ගැන්වීමට දින හතරක පමණ කාලයක් ගතවනුු ඇතැයි විදුලි වෘත්තිය සමිති ස`දහන් කරයි.

මෙම තත්ත්වය නිසා විදුලි බල මණ්ඩලයට කෝටි  345 ක පමණ පාඩුවක් සිදුවන බවත්, දින හතරක් කාලයක් ස`දහා මෙගාවොට් 900 විදුලි ධාරිතාවක් ඞීසල්  බලාගාරවලින් මිලදී ගැනීමට මණ්්ඩලයට සිදුවන අතර ඒ ස`දහා රුපියල් කෝටි 150ක් පමණ වැයවනු ඇති බවත් විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් ධම්මික සංජීව මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව සමස්ත විදුලි පාඩුව රුපියල් කෝටි පන්සිය පනහක් පමණ වන බවද ලේකම්වරයා ස`දහන් කළේය.

මේ අන්දමට 2009, 2015 සහ 2016 වසරවලද හදිසි විදුලි බි`ද වැටීම් සිදුවූ බවත්, එහිදි විදුලි සම්පේ‍්‍රෂණ පද්ධති නිසි අයුරින් නඩත්තු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම් දී තිබුණද ඒවා ක‍්‍රියාත්මක කිරීමට විදුලි බල මණ්ඩල නිලධාරීන් මෙතෙක් කටයුතු නොකළ බවද විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් ධම්මික සංජීව මහතා වැඩිදුරටත් ස`දහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More