මෙරට පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය වෙනුවෙන් දේශීය කර්මාන්ත නඟා සිටුවීම සඳහා ලංකාවේ සිටින සියලූම ව්‍යාපාරිකයින්ට, ධනවතුන්ට තමන් ආරාධනය කර සිටින බව සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ඊයේ (18) සිය අමාත්‍යාංශයේ දී රාජකාරි ධූරයේ වැඩ ඇරඹීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම ආරාධනය සිදුකළේය. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ වසර 2030 වන විට 80%ක පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ඉලක්කයක් තම අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බව ද අමාත්‍යාවරයා මෙහිදී කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,
“අතිගරු ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශයට ලොකු වගකීමක් භාර දීලා තිබෙනවා. විශේෂයෙන්ම 2030 වෙනකොට 80%ක් පුනර්ජනනීය බලය මඟින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා වගකීමක් භාර දීලා තිබෙනවා. ඒ වගේම මේ වසර 5ටත් අපට ගැසට් පත්‍රයක් මඟින්ම වගකීම් භාර දීලා තියෙනවා, 2020 මොකක්ද වෙන්න ඕනේ, 21 මොකක්ද වෙන්නේ ඕනේ, ඒ වගේ 25 වෙනකං අපිට ඒ අවශ්‍ය කෙරෙන ටාර්ගට් ටිකට යන්න මේ පාර විශාල වගකීමක් තියෙනවා.“
“මේ අමාත්‍යාංශයත් සමඟ වැඩ කරන කොට විදුලිබල මණ්ඩලයෙන් අපි විශාල සහයෝගයක් බලාපොරොත්තු වෙනවා. පුනර්ජනනීය බලය අපි නිෂ්පාදනය කිරීමේ දී ඒක සම්ප්‍රේෂණය කිරීමේ, විදුලිබලයට එකතු කිරීමේ වගකීම තියෙන්නේ විදුලිබල මණ්ඩලයට. ඒ වගේම ලංකාවේ ඉතිහාසය ගත්තොත් ආරම්භයේ දී අපි 100%ක්ම පුනර්ජනනීය බලයෙන් විදුලිය නිෂ්පාදනය කළා. නමුත් ලෝකය ඒක පාවිච්චි කළේ පස්සේ. අපට නැවත වරක් සිදුවෙලා තියෙනවා අපි මුලින්ම පටන් ගත්ත තැනට අපේ විදුලි ජනනය සඳහා පුනර්ජනනීය බලය යොදා ගන්න. ඒක දෛවයේ සරමක් වෙන්නත් පුළුවන්.“
“විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේදී අපට පුද්ගලික ව්‍යාපාරික අංශය ඉතාම වැදගත් වෙනවා. ලංකාවේ ඉන්න සියලුම ව්‍යාපාරිකයන්ට, ධනවතුන්ට අපි ආරාධනය කරනවා පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඒ අය දේශීය කර්මාන්ත නඟා සිටුවන්න. දේශීය කර්මාන්තයට තාක්ෂණය ගේන්න. මේ සඳහා සියලුම විද්වතුන්ට අපි ආරාධනා කරනවා, අපට උදව් කරන්න කියලා. මොකද පුනර්ජනනීය බලශක්තිය ගත්තොත්, ඉතාම හොඳ දැනුමක් තියෙන ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් සිටිනවා.“
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...