ව්‍යාපාරික පුවත්

මහ බැංකුව මගින් නියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව වෙත යොමු කරන සියලූම පැමිණිලි, දුක්ගැනවිලි සහ විමසීම්වලට සේවය සැලසීම සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ‘මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව’ නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ශී‍්‍ර ලංකා මහ බැංකුව මෙසේ ද පවසයි.

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ සංශෝධිත 33 වන වගන්තියේ විධිවිධාන යටතේ නියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව (සී. බී. එස්. එල්.* වෙත යොමු කරනු ලබන සියලූම පැමිණිලි, දුක්ගැනවිලි හා විමසීම් පිළිබඳව සේවය සැපයීම සඳහා සම්බන්ධ කර ගත හැකි මධ්‍යස්ථානය ලෙස ‘මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව’ නමින් නව දෙපාර්තමේන්තුවක් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් 2020.08.10 දින සිට ස්ථාපනය කරන ලදී.

මූල්‍ය පාරිභෝගිකයන්ගේ පැමිණිලි සහ දුක්ගැනවිලි ආමන්ත‍්‍රණය කිරීම යනු මූල්‍ය වෙළෙඳපොළ නියාමනය සහ දිගු කාලීන මූල්‍ය පද්ධති ස්ථායිතාවයේ පරමාර්ථයකි. මූල්‍ය සේවා සැපයීමේදී මූල්‍ය සේවා සපයන්නන් අතර වැඩි වන තරගකාරීත්වයත් සමග මූල්‍ය සේවා භාවිතා කරන්නන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට සහ එමගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහ අඛණ්ඩ පැවැත්ම ආරක්ෂා කිරීමට සුදුසු යාන්ත‍්‍රණයක් අවශ්‍ය වේ. ශී‍්‍ර ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළෙහි මූල්‍ය පරිභෝගිකයන්ගේ අත්දැකීම් පිළිබඳ මෑතකාලීන වාර්තා පෙන්වා දෙන්නේ, ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන ඇතැම් මූල්‍ය සේවා සපයන්නන් මෙන්ම අවිධිමත් මූල්‍ය සේවා සපයන්නන් විසින් ඉතා ඉහළ මූල්‍යමය සාක්ෂරතාවකින් යුත් පාරිභෝගිකයන් පවා නුසුදුසු වෙළෙඳපොළ හැසිරවීමට ගොදුරු කරගෙන ඇති බවයි.

ආරම්භයේදී ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතන පිළිබඳ මූල්‍ය පාරිභෝගික පැමිණිලි සහ දුක්ගැනවිලි කෙරෙහි මෙම මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව අවධානය යොමු කරනු ලබන අතර වෙළෙඳපොළ හැසිරීම අධීක්ෂණය කිරීම, පාරිභෝගික සවිබල ගැන්වීම, මූල්‍ය පාරිභෝගික අධ්‍යාපනය, මූල්‍ය සේවා සපයන ආයතනවල අසාධාරණ තරගකාරීත්වය නියාමනය කිරීම වැනි ක්ෂේත‍්‍ර දක්වා ආවරණය පුළුල් කිරීම අපේක්ෂා කෙරෙනු ඇත. මෙම ආරම්භයේ අවසාන පරමාර්ථය වන්නේ ශී‍්‍ර ලංකාවේ මූල්‍ය ක්ෂේත‍්‍රයේ පාරිභෝගිකයන්ගේ සහ ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන අධිකාරියක් පිහිටුවීමය.

ඒ අනුව පහත සඳහන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ, ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන ආයතනවලට අදාළ විමසීම්, පැමිණිලි සහ දුක්ගැනවිලි යොමු කිරීමට මහජනතාවට අවස්ථාව සැලසෙනු ඇත. එම සන්නිවේදන මාර්ග නම් දුරකථන – 94112477966, ෆැක්ස් – 94112477744, තැපැල් ලිපිනය – මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 සහ විද්‍යුත් තැපැල් ලිපිනය – ජෙරා?ජඉිකගකන යන ඒවායි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More