ව්‍යාපාරික පුවත්

2020 වර්ෂෙය් ඉදිරි මාස 04 සදහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් ප්‍රකාශක ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා සඳහන් කළේ, ඊයේ (26) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය අතුරු සම්මත ගිණුම සඳහා අනුමැතියව ලබාදුන් බවය.

ඒ අනුව අද (27) සහ හෙට (28) රජයේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තු වේ විවාදයට ගැනිමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිත අතර එහිදී රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරිමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ආරම්භ වනු ඇත.

පූර්ණ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වේ ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට මේ වන විටත් කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර රුපියල් බිලියන 750කට නොවැඩි මුදලක් භාණ්ඩාගර බිල්පත් නිකුතුව හරහා ණයට ගැනිම සඳහා වන යෝජනාව ද අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිමට නියමිතව තිබේ.

ඊට අමතරව පාර්ලිමේන්තු කටයුතු පිළීබඳ කාරක සභාව පත් කිරිම සඳහා වන යෝජනාව ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරිමට නියමිතය.

එම කාරක සභාවට අදාළ නියෝජිතයින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

එමෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංයුතිය අනුමත කිරීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතව තිබේ.

අද සහ හෙට පාර්ලිමේන්තුව පෙරවරු 09.30 සිට පස්වරු 06.30 දක්වා රැස්වන අතර දිවා ආහාර විවේකයෙන් තොරව පාර්ලිමේන්තු රැස්විම පවත්වාගෙන යාමට පසුගියදා රැස්වූ පක්ෂ නායක හමුවේ දී තීරණය වී ඇති බව වාර්තා වේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරිම තාවකාලිකව අත්හිටුවා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More