ව්‍යාපාරික පුවත්

මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීමට ඉදිරි මාස හතරක කාලය සඳහා රජය රුපියල් මිලියන 167.64 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. ඒ අනුව මේ වන විටත් එම කටයුතු සඳහා කෙටිකාලීන සැලැස්මක් සකස් කර ඇති බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග සඳහන් කළේය.

මේ යටතේ සංචාරක ආකර්ෂණීය ස්ථාන සංවර්ධනයට මෙම මුදලින් රුපියල් මිලියන 18.96ක් වෙන් කර තිබේ. ඒ අනුව කුරුණෑගල, මාතලේ, මන්නාරම, මහනුවර, අම්පාර, බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්ක හඳුනාගත් ආකර්ෂණීය ස්ථාන දොළහක් සංවර්ධනය කිරීමට නියමිතය.

මීට අමතරව ප්‍රජා සත්කාරක සංචාරක ගම්මාන සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2.88 කි. මේ යටතේ මෙදේරිපිටිය, හීල්ඔය, ඇටන්වල, බෝඹුරුඇල්ල, හීලෝගම යන ගම්මානවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. මෙම ගම්මාන විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා වෙන් වෙන් වශයෙන් එම ගම්මානවලට වෙබ් අඩවි නිර්මාණය කිරීමටද පියවර ගනිමින් පවතී.

තවද මෙමගින් මීගමුව, මහනුවර හා කළුතර දුම්රිය ස්ථාන නවීකරණය කිරීමටද පියවර ගෙන ඇති අතර දිවයිනේ දුම්රිය ස්ථාන සංචාරක ආකර්ෂණය සඳහා දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ එය සිදුවේ. ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 14.50 කි. දැනටමත් සංචාරක අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය යටතේ ඇල්ල, හැටන්, ගාල්ල, බෙන්තොට, උණවටුන වැනි දුම්රිය ස්ථාන නවීකරණය කර තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු අධීක්ෂණය යටතේ පවතින මන්නාරම, කල්පිටිය හා මඩකලපුව යන පැරණි බළකොටු තුන සංවර්ධනය කිරීමටද වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 29.40කි. මීට අමතරව ඉදිරි කාර්තුවේ සංචාරක ක්ෂේත්‍රය සඳහා උනන්දුවන තරුණ තරුණියන් පුහුණු කිරීමට රුපියල් මිලියන 29ක් වෙන් කර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද මේ වසර සදහා සංචාරක අමාත්‍යාංශය මගින් අභ්‍යාසලාභින් 1050ක් පුහුණු කර ඇත. තවත් 1220කට පුහුණුව ලබාදීමට කටයුතු කෙරේ. මෙම වැඩසටහන් දිස්ත්‍රික්ක 14ක ක්‍රියාත්මකයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More