අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ලබන 17 වන දා සිට කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිතය.
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම්දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක් සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ සාකච්ඡාවක් පැවැත් වුණි.
එම කොමිෂන් සභාවේ සභාපති විරාජ් දයාරත්න සහ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් දින 52 ක් කොළඹ කොටස් වෙළඳපොළ අඩපණ වූ බවත්, ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් කොටස් වෙළඳපොළ නව මුහුණුවරකින් කටයුතු කළ හැකි බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...