අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීම අද (02) ආරම්භ වේ.
අඩු ආදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අපොස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයෙකු වීම, අවුරුදු 18 ට නොඅඩු හා 40ට නොවැඩි වයසක පසුවිම මේ සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් වේ.
එමෙන්ම සමෘද්ධි සහනාධාර ලබන හෝ ලැබීමට සුදුසු පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු සහ වයස්ගත රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයින් සිටින පවුලක රැකියා විරහිත සමාජිකයෙකු විම ද ඒ සඳහා අවශ්‍ය අනෙක් සුදුසුකම් වේ.
එම සුදුසුකම් සපුරා ඇති එක් පවුලකින් එක් ඉල්ලුම්කරුවෙකු පමණක් තෝරා ගනු ලබන අතර ඔවුන්ට සාර්ථක පුහුණුවකින් පසු පදිංචි ප්‍රදේශයේම හෝ ආසන්න ප්‍රදේශයේ රැකියා සඳහා නියුක්ත කිරීමට නියමිතය.
මාස 06ක අඛණ්ඩ පුහුණු කාලසීමාව තුළ මසකට රුපියල් 22,500ක දිමනාවක් ලබා දෙනු ලබන අතර පසුව රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් හා දිමනා හිමි වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එමෙන්ම අඛණ්ඩ වසර 10ක සේවා කාලයකින් පසු ඔවුන් සදහා රජයේ විශ්‍රාම වැටුප් ද හිමිවනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...