බස්නාහිර පළාතේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා විදේශීය ආයෝජකයන් 150ක් ආයෝජන ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
මෙම ආයෝජනවල වටිනාකම රුපියල් මිලියන 28,350කි. අපේක්ෂිත රැකියා සංඛ්‍යාව 11000ක් වන බව කර්මාන්ත අමාත්‍යාංශය අනාවරණය කරයි. මේ සඳහා ඉඩම් ලබාදීමට අත්තනගල්ල කර්මාන්ත පුරය පුළුල් කිරීමටද තීරණය කර ඇත.
අත්තනගල්ල සහ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම අයත් පෙතියකන්ද වත්තෙන් අක්කර 134ක් ලබා ගැනීමට අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. මෙම ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වෙයි.
පවරා ගැනීමට නියමිත ඉඩම් අක්කර 134න් අක්කර 34ක් හරිත කර්මාන්ත පුරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. මෙම ඉඩම් 35 අවුරුදු බද්දකට ලබා ගැනීමටද නියමිතය. මේ සඳහා රුපියල් මිලියන 1500ක මුදලක් ලබාදෙන ලෙස කර්මාන්ත අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයට දැනුම් දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...