මෙරට ප්‍රමුඛ පෙලේ හඳුන්කූරු නිෂ්පාදන සමාගමක් වන ‘තායි සුමේධා ආයතනය’ තම විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද හඳුන්කූරු අපනයනය ආරම්භ කළේය.
එම අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීමට මාධ්‍ය හමුවක් හා සුහද හමුවක් පිටකෝට්ටේ රැෆාල් උත්සව ශාලාවේ දී පැවැත්විණි.
එහි දී අපනයනයට සූදානම් කර තිබූ හඳුන්කූරු තොගය සංකේතාත්මකව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු වෙත ‘තායි සුමේධා’ සමාගමේ සභාපති සුමේධ ඇල්පිටිය මහතා විසින් පිළිගන්වනු ලැබීය.
මෙහි දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්ව සිටි එම ආයතනයේ සේවක පිරිස හා ව්‍යාපාරික ප්‍රජාව දිරිගන්වමින් දේශනයක් ද සිදු කළේය.
මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ද එක්ව සිටියහ.
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...