ව්‍යාපාරික පුවත්

යහපාලන රජය සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන තුළ සිදුකර ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව පවසයි.

බැංකු, වෘත්තීය සමිති සහ මහජනතාව එම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

තවදුරටත් එම පැමිණිලි ලැබෙමින් පවතින බැවින් පැමිණිලි භාරගැනීම සඳහා ලබා දී තිබූ කාලය සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කරන බවත් එම කමිටුව කියා සිටියේය..

ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, ඒකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණදෙනු විධිමත්ව අධ්‍යනය කිරීම සඳහා මෙම සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇත.

හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබයි.

වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්ලිව්. ප්‍රේමානන්ද යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් කමිටුවේ ලේකම්ධුරය දරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More