ජාත්‍යන්තර මූල්‍ය උපදේශන ආයතනයක් වන ‘මූඩී’ සමාගම විසින් ශ්‍රේණිගත කිරීම්වලදී ලංකාව පියවරක් පහළට දැමීමට කටයුතු කොට ඇත.
ඊයේ (28) දින නිකුත් කළ ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව B-2 තත්ත්වයේ සිට CAA-1 තත්ත්වය දක්වා මෙම පහත දැමීම සිදු කොට තිබේ.
මීට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය අනුව ලංකාවට ලබා ගත් ණය නැවත ගෙවීම විශාල අභියෝගයක් වී ඇති බවකි.
එමෙන්ම 2020 අයවැය හිගය 8%ත් 9%ත් වැනි ඉහළ අගයක පවතින බවට ඔවුන් අනතුරු හගවා තිබේ.
මීට අමතරව දළ දේශීය නිෂ්පාදිතය ප්‍රතිශතයක් වශයෙන් 100%ක්ම රටේ ණය ප්‍රමාණයට සමානුපාතික බවද ඔවුන් පෙන්වා දී ඇත.
තවද රටේ සංචිත ප්‍රමාණය අවම වී ඇති බවද එම වාර්තාවේ සදහන්ය.
කෙසේවෙතත් රජයේ පාර්ශවයෙන් මෙම වාර්තාවේ ඇති තොරතුරු ප්‍රතික්ෂේප කොට ඇති අතර රජය දැනුම් දී ඇත්තේ ණය ගෙවීම පිළිබද කිසිදු ගැටලුවක් පැන නැගී නැති බවකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...