ව්‍යාපාරික පුවත්

කොවිඩ්-19 (COVID-19) වසංගත තත්ත්වය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති සංචාරක මාර්ගෝපදේශකයින් සහ සංචාරක රියදුරන් සඳහා සහන ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි රුපියල් මිලියන 186ක ප්‍රතිපාදන වෙන් කිරීමට එම අධිකාරිය විසින් කටයුතු කර ඇති අතර, එම මුදලින් සංචාරක මාර්ගෝපදේශකයින් සහ සංචාරක රියදුරන් සඳහා සහන ලබා දීමට පියවර ගෙන ඇත.

එකී සහනයන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පහත සඳහන් පුද්ගල කණ්ඩායම් වෙත ද ලබා දීම පිණිස සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* 2020.08.31 දිනට සහන සඳහා ඉල්ලුම් කර ඇති, ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ හෝ වෙනත් සංචාරක සංගම් විසින් පුහුණු කරන ලද සංචාරක රියදුරන්/සංචාරක බස්රථ රියදුරන් සහ සහායකයින්/ටුක්-ටුක් ත්‍රීවීල් රථ රියදුරන් සහ සෆාරි රථ රියදුරන් සඳහා එක් අයෙකුට එක්වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 15,000/-ක මුදලක් ගෙවීම.

* පළාත් සභා විසින් පුහුණු කරන ලද සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක මග පෙන්වන්නන් සඳහා එක් අයෙකුට එක්වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 20,000/-ක මුදලක් ගෙවීම.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More