ශ්‍රී ලංකා ගල්අඟුරු සමාගම ගල්අඟුරු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවීමේදී ගල්අඟුරු කැටවල ප්‍රමාණය සඳහන් නොවීම හේතුවෙන්, රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුවී ඇති බව අනාවරණය වී තිබේ.
ඊයේ (06) පාර්ලිමේන්තුවේදි පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී එම කරුණු අනාවරණය විය.
ශ්‍රී ලංකා ගල්අඟුරු සමාගම දිගුකාලීන ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කෙටිකාලීන ක්‍රමවේදය යටතේ ගල්අඟුරු මිලදීගැනීම සිදුකර ඇත්තේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව බව ද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත.
එම කරුණු අනාවරණය වුයේ ශ්‍රී ලංකා ගල්අඟුරු සමාගම මගින් සිදුකළ ගල්අඟුරු ම්ලදීගැනීම් සම්බන්ධයෙන් විමසීමට එම සමාගමේ ඉහළ නිලධාරීන් පිරිසක් කැඳවමින් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීමේදී ය.
මෙහිදී දීර්ඝකාලීන ක්‍රමවේදයෙන් තොරව කෙටිකාලීන ක්‍රමවේදය යටතේ ගල්අඟුරු මිලදීගැනීම මගින් වෙළෙඳපොළේ සිදුවන මිල උච්ඡාවචනයවීමේ වාසිය ලබාගැනීමට තමන් බලාපොරොත්තු වූ බව එම නිලධාරීහු කමිටුවට පැවසූහ.
නමුත් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව යමින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එම ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති චරිත හේරත් මහතා මෙහිදී පෙන්වාදුණි.
“නොරොච්චෝලේ ලක්විජය බලාගාරය“ ජාතික විදුලිබල පද්ධතියට එක්කොට ඇත්තේ මෙගාවොට් 900 විදුලි අවශ්‍යතාවයක් සපුරාලීමට වුවද එහි මෙගාවොට් 90 රික්තකයක් පවතින බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.
මේ අනුව සැබෑ වශයෙන්ම නිපදවෙන්නේ මෙගාවොට් 810ක් පමණක් බවත් මෙගාවොට් 90 රික්තකයක් යනු නොසලකාහැරීමට නොහැකි විදුලි අවශ්‍යතාවක් බව කෝප් කමිටුව හමුවේදී අනාවරණය විය.
අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටු ලේකම්වරයා අවස්ථා 8කදී ප්‍රසම්පාදන කමිටුවේ නොසිට අතිරේක ලේකම්වරයෙක් ඒ සඳහා යොදවා ඇති බව අනාවරණය වී ඇති බවත් මේ නිසා ගන්නා තීරණ නීත්‍යානුකූල බව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් කෝප් කමිටුවේදී අවධානයට ලක්විය.
කෙසේ නමුත් අතිරේක ලේකම්වරයෙක් මේ සඳහා යෙදවීමට හැකියාව පවතින බව පැමිණ සිටි නිලධාරීන් පැවසීය.
එය නිවැරදිද යන්න සොයාබලා වහාම වාර්තාවක් කොප් කමිටුවට ලබාදෙන ලෙස සභාපතිවරයා නිර්දේශ කළේය.
මිලියන 1100 වියදමින් ලංකා බිදුලිබල මණ්ඩලය මිලදීගත් බත්තල් 3ක් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරිහරණයට ලබාදී ඇත්තේ ඇයිද යන්න පිළිබඳව කමිටුවේදී ප්‍රශ්න කෙරුණු අතර එම බත්තල් ශ්‍රී ලංකා නාවික හමුදාවට භාරදුන් ක්‍රමවේදය, ඒවා නඩත්තුකිරීමට නොහැකිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ වාර්තාවක් වහා ලබාදිය යුතුයැයි කොප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරියට නියෝග කළේය.
එසේම ගල්අඟුරු සැපයීම සම්බන්ධව වසර 5 පලපුරුද්දක් අවශ්‍ය බව පුවත්පත් දැන්වීම්වල පළකොට තිබුණද අයදුම්පත් නිකුත් කිරීමේදී වසර 3 පලපුරුද්ද සහිත ආයතන වෙත අයදුම්පත් නිකුත්කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණි.
මේ නිසා ගල්අඟුරු සමාගමට අවාසි සහගත තත්ත්වයක් ඇතිවී ඇති බවද කමිටුවේ අදහස විය.
ලංසු කැඳවීමේ අවසන් දිනය පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් නොපවතින බවත් කමිටුව විසින් මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන ලදි.
මේ කාරුණු පිළිබඳව විධිමත්ව සොයාබැලිය යුතු බව කමිටුව තීන්දු කළේය.
ගල්අඟුරු මිලදීගැනීමට ශ්‍රී ලංකා නැව් සංස්ථා සම්බන්ධවීම මගින් සාමාන්‍ය ටෙන්ඩර් ක්‍රමය යටතේ වෙනත් ආයතනයක් හරහා ගල්අඟුරු මිලදීගැනීමට වඩා පාඩුවක් සිදුවන්නේද යන්න පිළිබඳව ද කමිටුවේ අවදානය යොමුවිය.
මේ සම්බන්ධයෙන් සොයාබලා හැකි ඉක්මනින් වාර්තාවක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බවටද මෙහිදී කමිටුව විසින් නිර්දේශ කරන ලදි.
එසේම ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා නැව් සංස්ථාව, ලංකා ගල්අඟුරු සමාගම, අදාළ රේඛීය අමාත්‍යාංශය යන ආයතන 4 නිතර හමුවී සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද කමිටුවේ අවදානය යොමු වූ අතර ඩීසල් බලාගාර සහ ගල්අඟුරු බලාගාර සඳහා යන වියදම පිළිබඳව ද, කොප් කමිටු සාමාජිකයන්ගේ අවදානය යොමුවිය.
සාකච්ඡා කළ මෙම කරුණු සම්බන්ධව සියලු වාර්තා මාසයක් ඇතුළත කොප් කමිටුව වෙත ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් මෙහිදී අවසාන වශයෙන් නිර්දේශ කරන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...