ව්‍යාපාරික පුවත්

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචි මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන බලවතුන්ගෙන් සමන්විත දූත පිරිසක් අද (ඔක්තෝබර් 08) දින කොළඹට සම්ප්‍රාප්ත වීමට නියමිතය.

ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ නිරත වන ප්‍රථම චීන සංචාරය වන මෙම සංචාරය, ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගිතාවය ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරයෙහි නිරත වන චීන දූත පිරිස හෙට (ඔක්තෝබර් 09) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අපේක්ෂා කෙරේ.

මෙම වැදගත් සංචාරයේ අරමුණ වෙනුවෙන් පිහිටුවා ඇති සංචාරක බුබුල මගින් කොළඹට පැමිණෙන දූත පිරිස සීමා කරනු ලබන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරනු ලබන දැඩි සෞඛ්‍ය ක්‍රියා පිළිවෙත යටතේ රාජ්‍ය නායකයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන රැස්වීම් දෙකකට පමණක් ඔවුන්ගේ කටයුතු සීමා කෙරෙනු ඇත.

-News.lk



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More