යෝජිත අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා රජයේ මුදල් වැය කිරීමට හැකියාවක් නොමැති බැවින් ‘‘අධිවේගී මාර්ග ආයෝජන සමාගම’’ ලෙස නව සමාගමක් ස්ථාපිත කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
භාණ්ඩාගාර ලේකම් විසින් තනි අයිතිය දරන මෙම සමාගමේ අරමුණ වන්නේ අරමුදල් සොයා ගැනීම බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. විශේෂයෙන්ම රත්නපුර අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1600ක් සහ දෙවැනි අදියර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1600ක් අවශ්‍ය බවට ගණන් බලා ඇත. කැලණිය සිට අතුරුගිරිය තෙක් කුලුනු මත දිවෙන අධිවේගී මාර්ගය සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 478ක් අවශ්‍ය වෙයි.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර සම්පූර්ණ කිරීම සහ තෙවැනි හා සිව්වැනි අදියර සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 1742ක මුදලක් අවශ්‍ය බව ගණන් බලා ඇත. තවද ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 4067ක් සඳහා රුපියල් බිලියන 96ක කොන්ත්රාත්තුවද ප්රදානය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...