කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික් පවුල් 72,345ක් සඳහා රුපියල් 5000 බැගින් දීමනාවක් ලබාදීමට රුපියල් කෝටි 36කට අධික මුදලක් වෙන් කර දෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.
මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පවුල් 72345කට මෙම දීමනාව ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරයා යෝජනා කර ඇත.
ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ සහ ඇමැති ප්‍රසන්න රණතුංග සමග කළ සාකච්ඡාවකින් පසු දිස්ත්‍රික් ලේකම්වරයා මෙම ඉල්ලීම යොමු කර තිබේ. මෙම පවුල් ආර්ථික අපහසුතාවකට ලක්ව ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දී ඇත.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම මුදල ලබා දීමටද දිස්ත්‍රික් ලේකම්වරයා යෝජනා කර තිබේ.
තවද ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායනය වන පවුල් 2781ක් සඳහා ද මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන පහක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත මුදා හැර ඇත. ඒ අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ සැලසීම සඳහාය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...