අප රටේ 70 දශකයට පෙර සහ ඉන් පසුව අයවැය පිළිබඳව සිදුකෙරෙන විග්‍රහයන් සංසන්දනාත්මකව විමසා බැලීමේදී ප්‍රධාන වෙනස්කමක් හඳුනාගත හැක. එදා අයවැය කථාවට සවන්දීම සඳහා සාමාන්‍ය ජනයා පවා ගුවන් විදුලිය වටා රොක්වන්නේ හෙට දින සිට රටේ ආර්ථිකය සහ තමාගේ ජීවිතවලට බලපාන තීන්දු මොනවාද යන්න දැන ගැනීමටය. එදා රටේආර්ථිකයේ සහ වෙළඳපොළ තුළ සිදු කෙරෙන වෙනස්කම් වලට අදාළ උපායමාර්ගික ප්‍රතිපත්තිමයතීන්දු ප්‍රකාශයට පත්කරනු ලැබුවේ අයවැය මඟිනි. නමුත් අද ආර්ථිකය සහ වෙළපොළ තුළ ආයෝජකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ හැසිරීම් වෙනස් කිරීම සඳහා එනම් යම් දිරිමත් කිරීම්
හෝ අධෛර්යමත් කිරීම් සිදු කිරීම සඳහා වන බදු පැනවීම් හෝ බදු සහන ලබාදීම සිදු කෙරෙන්නේ අයවැය මඟින් නොවේ. අද එම තීන්දු ගනු ලබන්නේ වසර පුරාම යම් නිලධාරීන්ගේ උපදෙස් අනුව මුදල් අමාත්‍යවරයා විසින් නිකුත්කෙරෙන ගැසට් නිවේදන මඟිනි. වර්තමාන රජය බලය පත් වීමෙන් පසුව එසේ මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදන 85 ක් පමණ පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකර තිබුණි. ඒ අනුව තත්වයේ බරපතල කම පැහැදිළි වේ.
එදා 70 දශකයේදී යම් ආර්ථික හෝ වෙළඳපොළ හැසිරීමක් වෙනස් කිරීම සඳහා කරනු ලබන බදු පැනවීම් හෝ බදු සහන දීම් වලට අදාල උපාය මාර්ගය අය වැය මඟින් පැහැදිළි කෙරෙන අතර ඒ නිසා එය විනිවිදභාවයකින් සිදු වේ. නමුත් අද නිලධාරී කමිටු මඟින් සිදුකෙරෙන බදු වෙනස්කම් සහ ආනයන සීමා කිරීම හෝ ඒවා නැවත ලිහිල් කිරීම පිළිබඳ මහජනයා දන්නේ නැත. යම් තීන්දු බඩු මිල අඩුකිරීමේ පොරොන්දුවල ඔතා එළිදරව් කළද වෙළඳපොළ තුළ එවැනි වෙනසක් පාරිභෝගිකයා අත්විඳින්නේ නැත. උදාහරණයක් ලෙස පසුගිය දිනවල අයවැයට පෙර හදිසියේම ආනයනික සීනි වලට කි.ග්‍රෑම් 1 ක් සඳහා රු. 55 ක බදු සහනයක් ලබාදුණි. ඒ මඟින් රජයට වාර්ශිකව අහිමිවන ආදායම රු. මිලියන 33,000 කි. එනම් දළ වශයෙන් රටේ සමස්ථ සමෘද්ධි ලාභීන්ට වාර්ශිකව ගෙවන මුදලට සමාන මුදලකි. එහෙත් මහජනයා ඒ සඳහා ඉල්ලීම් නොකළ අතර ඒ මඟින් මහජනයාට ලැබෙනවා යැයි කියන සහනය ගණනය කළ නොහැකි තරම් සුළු ප්‍රමාණයකි. ඒ මඟින් හෝටලයකින් තේ බොන හෝ රසකැවිලි ආහාරයට ගන්නා අයෙකුට සතයක හෝ සහනයක් ලැබෙන්නේ නැත. රටට ආනයනය කරන සීනි වලින් 40 – 50% අතර ප්‍රමාණයක් යොදා ගන්නේ රසකැවිලි සහ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහාය. ඒ අනුව එම තීන්දුව පිටුපස ඇති උපායමාර්ගය කුමක්ද?
එම උපායමාර්ගය කුමක්දැයි අමාතය මණ්ඩලය විසින් හෝ අදාළ අමාත්‍යවරයා විසින් එළිදරව්කරනු ලැබුවේ නැත. එනම් ඒ මඟින් නිෂ්පාදනය දිරි ගැන්වීම හෝ පරිභෝජනය දිරිගැන්වීම හෝ එසේ නැතිනම් මහජනයාට දැනෙන ලෙස ජීවන බර අඩු කිරීම මඟින් දේශපාලන වාසියක් ලබා ගැනීම ආදී වශයෙන් වන හේතු කිසිවක් ඉදිරිපත් කෙරුණේ නැත. එවැනි හේතු දැක්වීමක් හෝ සාධාරණීකරණයක් කිරීමේ හැකියාවක් ද නැත. මෙම බදු සහනය ලබාදෙන අවස්ථාව වන විට යම් ආනයනකරුවන්ගේ සීනි තොග වරායේ ගුදම් වල සහ වරාය ආසන්නයේ නැව් වල තිබූ බව අනාවරණය වී ඇත. ඒ අනුව නිලධාරීන් සහ ජාවාරම්කරුවන් එක්ව යම් කූඨ සැලසුමක් ක්‍රියාත්මක කළ බවට ප්‍රභල සැකයක් මතු විය. එහිදී අනාවරණය වූයේ වෙළඳ ඇමතිවරයා ඊට දායක වී නැති බවය. කෙසේ වෙතත් පසුව අනාවරණය වූ ආකාරයට වෙළඳාමට සම්බන්ධ ශාඛා 420 ක් සහිත රජයේ ආයතනයක සභාපතිවරයා සහ තවත් උසස් රාජ්‍ය නිලධාරියෙකුගේ මැදිහත්වීම මත එම තීන්දුව ගෙන ඇති බවය.
දැන් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට්ටුවක් නිකුත් කරමින් පැකට් කළ සීනි කි.ග්‍රෑම් 1 ක් රු.90 ක් ලෙස සහ පැකට් නොකළ සීනි රු 85 ක් ලෙස මිල නියම කොට ඇත. සහල් කර්මාන්තකරුවාට සහල් පැකට් කිරීම සඳහා කි.ග්‍රෑම් 1 කට රු. 1 ක් දීමට මැලිවන මෙම
නිලධාරීන් සීනි ආනයනකරුවන්ට පැකට් කිරීම සඳහා නිර්ලෝභීව රු. 5 ක් ලබා දේ. නමුත් වෙළඳපොළේ සීනි මිල රු. 125 – 145 අතර පවතී. මෙම කූඨ සහ අමන ක්‍රියා පිළිබඳව පැහැදිළි කිරීමක් හෝ නිදහසට කරුණු දැක්වීමක් හෝ වැරදි කරුවන්ට දඬුවම් කිරීමක් සිදුවන බවක් පෙනෙන්නේ නැත. එය ඉතා බරපතලම තත්වයකි. ඒ මඟින් මහජන වග වීමට අදාළව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ ආකල්පය පැහැදිළි වේ.
මේ රජය බලයට පත් වීමෙන් පසුව නිශ්චිත ප්‍රතිපත්තියක් යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් හෝ අයවැයට ඇතුල් කිරීමෙන් තොරව විවිධ අවස්ථාවල ගැසට් නිවේදන මඟින් තිරිඟු පිටි වලට, පොල් තෙල් වලට, පාම් තෙල් වලට ආදී පරිභෝජන භාණ්ඩ වලට ලබාදී ඇති බදු සහන වල වටිනාකම රු. මිලියන 90,000 ත් ඉක්මවා යයි. රටේ මුදල් බලය
පාර්ලිමේන්තුව සතු වුවද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඒ පිළිබඳව ප්‍රශ්ණ කරන බවක් දක්නට නොලැබේ. ජන මාධ්‍ය හමුවට පැමිණ ධීවරයන් වෙනුවෙන් අමු මාළු කමින් මාධ්‍ය සංදර්ශන පවත්වන මන්ත්‍රීවරයා විසින් හෝ ආනයනික සැමන් වලට බදු සහන දෙමින් දේශීය මාළු ටින් කිරීමේ කර්මාන්තය වට්ටන විට සහ ආනයනික සැමන් පරිභෝජනය දිරිමත් කරන විට මාළු මිල ස්ථාවර කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන්නේ නැත.
මෙම පූර්විකාව අවශ්‍යවන්නේ අප රටේ ආර්ථික කළමණාකරණයේ බරපතල ගැටළුවක් තිබෙන
බව පෙන්වා දීම සඳහාය. රටේ ආර්ථිකය සහ වෙළඳපොළ කළමණාකරනයට අදාළ ආණ්ඩුවේ දැක්ම, උපායමාර්ගික ප්‍රවේශය සහ ආකල්ප මෙන්ම ආණ්ඩුවේ හැකියාව සහ තරම ප්‍රදර්ශණය වන්නේ හෝ එසේ නැතිනම් පිළිඹිබු වන්නේ වාර්ෂික අයවැය තුළිනි. එසේ නැතහොත් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන දීර්ඝකාලීන හෙවත් අඩු තරමින් අවු 5 ක් සඳහා ඉදිරිපත් කෙරෙන උපායමාර්ගික සැලසුමක් තුළිනි. පසුගිය රජය විසින් අවුරුදු 5 ක් තුළ එවැනි සැලසුම් 9 ක් ඉදිරිපත් කරනු ලැබීය. ඒවා සකස් කරනු ලැබුවේ යම් නිලධාරීන්ගෙන් සමන්විත “ කුස්සි කැබිනට්ටුවක් ” විසින් බවට ද එදා චෝදනා එල්ල විය. එවැනි තත්වයක් තුළ ඒවායේ අන්තර්ගතය පිළිබඳව කථාකිරීම ඵල රහිත ක්‍රියාවකි. වර්තමාන ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ලේඛනය මඟින් යම් අපැහැදිළි දැක්මක් සහ යහපත් අපේක්ෂාවන් රාශියක් දැකගත හැකි වුවත් ඒ මඟින් උපායමාර්ගික ප්‍රවේශයක් පැහැදිළි කෙරෙන්නේ නැත.
උපාය මාර්ගයේ අපහැදිළිකම හෝ පැහැදිළිව ප්‍රකාශ නොකිරීම අහඹු දෙයක් නොවන බව ජාත්‍යන්තර අත්දැකීම් වලින් පවා පැහැදිළි වේ. ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්ඡාරණය නමැති කෘතිය මඟින් ජොන් හොප්කින්ස් පැහැදිළි කරන්නේ ඔහු විසින් තෝරන උපායමාර්ගයට අනුව විවිධ රාජ්‍යයන් විසින් ක්‍රියාකාරීත්වයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කළ අකාරයයි. ඔහුට අනුව
එම රාජ්‍යයන් ඔහුගේ ඔළුවට තමාගේ කඳ සවිකොට රාජ්‍යය පාලනය කොට ඇත. අප රටේ නව ලිබරල් විද්වතුන් යැයි කියා ගන්නා පිරිස් අවසාන වශයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිවලට අදාල උපායමාර්ගික ප්‍රවේශය හෙවත් හිස කුමක්දැයි සැඟවීමට ඉතා අසරණ උත්සහායක් ගන්නා බව රහසක් නොවේ. කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත නගාසිටුවීම සඳහා ඔවුන් විසින් ණය ලබා
දීම හෝ පුහුණුව ලබා දීම ආදී සැපයුම් පැත්තේ මැදිහත්වීම් පිළිබඳව කථා කළද කිසි දිනෙක ඉල්ලුම පැත්තේ ගැටළුව, එනම් වෙළඳපොළ මිල විකෘතිය පිළිබඳව කථා කරන්නේ නැත. ආනයනික භාණ්ඩ අඩු මිලට වෙළඳපොළට ප්‍රතාපනය කරන තත්වයක් තුළ ඒවා සමඟ තරඟ කරන ලෙස දැනටමත් වෙළඳපොළ අහිමි වී සිටින කර්මාන්තකරුවාට උපදෙස් දෙති. ඒ තුළ ඔවුහු ආනයනික නිෂ්පාදන වලට බදු සහන දෙමින් සිදු කරන වෙළඳපළ මිල විකෘතීන් නිවැරදි කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම වළක්වති.
ඊනියා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හෙවත් නව යටත් විජිත න්‍යාය පත්‍රය ඔස්සේ ගමන් කරන අප වැනි රාජ්‍යන්ට මඟ පෙන්වන්නේ ඒ ආකාරයට පිටතින් සවි කරන හිසක් මඟිනි. ඒ තුළ මහජනයාගේ පරමාධිපත්‍යයේ බලය ක්‍රියාත්මක කරවන මහජන නියෝජිතයින් අභිබවා යන බලයක් මහජනයාට වග නොකියන නිලධාරීන් අතලොස්සකට ලැබී ඇත. එම ක්‍රියාවලිය තුළ යම් දූෂිත නිලධාරීන් සහ ආනයන අපනයන ජාවාරම්කරුවන් අතර රහසිගත සන්ධානයක් තිබෙන බවද ඉහත සඳහන් කළ උදාහරණ වලින් පැහැදිළි වේ. මෙම තත්වය ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ක්‍රියාවලියට ආදේශ කළහොත් දේශපාලන දැක්ම සහිත පාලකයින් ගෘහනිර්මාණ ශිල්පියා හෝ වාස්තු විද්‍යාඥයා ලෙස සැලකිය හැකිය. ඒ අනුව යම් උසස් නිලධාරීන් පිරිසක් මේසන්වරු ලෙස සැලකිය හැක. සෙසු නිලධාරීන් අත්වැඩකරුවන් ලෙස සැලකීම වරදක් නොවේ. නමුත් දැන් පවතින තත්වය තුළ මේසන් බාස්ලා වාස්තු විද්‍යාඥයා බවට පත්වී දේශපාලකයා අත්වැඩකරුවෙකු බවට පත් වී ඇත. දේශපාලකයා අඩු තරමින් මේසන්වරයාගේ භූමිකාව හෝ ඉටු කරනවා නම් එය යම් පමණකට පිළිගත හැක. නමුත් දැන් ඔවුන් නිලධාරීන් නම් වූ බාස්වරුන් කියන දේ කරන අත්වැඩ කරුවන් බවට පත් වී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට වාස්තු විද්‍යාඥයා බොහෝ විට පැහැදිළිව දැක ගත නොහැක.
දැන් මෙම තත්වය තුළ අයවැය විශ්ලේෂණය යනු, ආණ්ඩුවට සහ විපක්ෂයට යන පාර්ශව දෙකටම අනුව, රාජ්‍ය ආදායම්, වියදම සහ ඒ අතර පරතරය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද යන්න සහ ආර්ථික වර්ධන වේගය කොපමණද යන්න පිළිබඳව ගණිතමය දත්ත හරඹයක් බවට පත් වී ඇත. ඒ තුළ උපායමාර්ගික ප්‍රවේශය පිළිබඳ කථිකාව යටපත් වේ. අනෙක් පැත්තෙන් ගත් විට මහ බැංකුව සහ ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වෙනස් කිරීමට පවා භාජනය කරන දත්ත කිහිපයක් යොදා ගනිමින් ආර්ථිකයේ කාර්ය සාධනය මැන බැලිය හැකිය යන වැරදි තාක්ෂණික ප්‍රවේශය තහවුරු වේ. එය සමාන කළ හැක්කේ උණ බැලීමෙන් පමණක් සියළු රෝග හඳුනාගත හැකිය යන ස්ථාවරයකටය. දැන් විපක්ෂය පවා අයවැයට විරුද්ධව කරුණු ඉදිරිපත් කරන්නේ උණකටුව දෙස බලා ගෙනය. ඔවුන්ට අනුව ආණ්ඩුවේ වියදම රු. බිලියන 3525 ක් සහ ආදායම රු. බිලියන 1961 නිසා අයවැය හිඟය බිලියන 1564 වන බැවින් සහ එය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 9% වන බැවින් ආණ්ඩුව අසමත් වී ඇත. ඔවුන්ට අනුව එම ඊනියා ප්‍රතිශතය ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව 5% උපරිමය ඉක්මවා යන බැවින් අසමත්කම බරපතලය.
තවත් අයෙක් තර්ක කරන්නේ කළු සල්ලි සුදු කිරීම සඳහා 1% ක් බදු අයකිරීම මඟින් මුදල් විශුද්ධිකරණයක් සිදුවන බවය. නමුත් ශ්‍රී ලංකාවේ 1970 දශකයේදී සහ ඉන්දියාවේ මීට වසර 2කට පෙර ඊට සමාන තීන්දු ගෙන ඇත. කෙසේ වෙතත් ඒ මඟින් පෙනී යන්නේ විපක්ෂය පවා උපාය මාර්ගික ප්‍රවේශය ප්‍රශ්න නොකර කොටස් වශයෙන් හුදකලා ලෙස විවේචන ඉදිරිපත් කරන බවය. දැන් පවතින දේශීය සහ ගෝලීය තත්වයන්ට අනුව ඉල්ලුම සහ සැපයුම යන දෙපැත්තම ගෝලීය මට්ටමින් සංකෝචනය වන තත්වයන් යටතේ අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කයන් සපුරාගත නොහැකි බව ඉතා පැහැදිළිය. එම තත්වය අවංකව පැහැදිළි කිරීම වෙනුවට 2024 දී දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව අයවැය හිඟය 5% අඩු කිරීම වැනි අහසේ පාවෙන අපේක්ෂා හුවා දැක්වේ. ඒ මඟින් ව්‍යාජ යහපත් හැඟීමක් ඇතිවීම මිස සාධාරණ විශ්ලේෂණයක් දිරිගැන්වෙන්නේ නැත.
පවතින තත්වයන් තුළ රජයට සැබෑ ලෙසට මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳව සංවාදයක් සිදුවන්නේ නැත. එනම් ඉදිරි වසර 2 ක පමණ කාලයක් පැවතිය හැකි ගෝලීය ආර්ථික කඩා වැටීම තුළ ආර්ථිකයේ ඉඩ ප්‍රස්ථා වර්ධනය කරන ආකාරය හෝ රටේ බහුතරයක් ජනතාවගේ ජීවිත සමඟ බැඳුනු ග්‍රාමිය ආර්ථිකය උද්දීපනය කිරීම සඳහා මුදල් පොම්ප කරන්නේ කෙසේද යන්න පිළිබඳව සංවාදයක් දක්නට නැත. රැකියා වියුක්තිය ඉහළ යාම සහ ආදායම් අඩු වීම තුළ විශේෂයෙන්ම සමාජයේ පීඩිත කොටස්වල සුභසාධනය පිළිබඳව හෝ මෙවැනි ආර්ථික අවපාතයකදී විශේෂ අවධානයක් යොමු කළ යුතු රටේ ආහාර සුරක්ෂිතතාවය රැකගැනීමට අදාළ සාධක පිළිබඳව ආණ්ඩුව පැත්තෙන් සුවිශේෂි උපායමාර්ගික ප්‍රවේශයක් යෝජනා කරන්නේ නැත. විපක්ෂය පැත්තෙන් ඒ පිළිබඳව ප්‍රශ්ණ කරන්නේද නැත. අනාගත අර්බුදයන්ට මුහුණ දීමේ විභවය ශක්තිමත් කිරීම සඳහා ආර්ථිකයේ පදනම වන කෘෂි සහ කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ආශ්‍රිත සංවර්ධන උපාය මාර්ගය විශේෂිතව හුවා දැක්විය යුතු වුවත් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ පැත්තෙන් එය සිදුවන්නේ නැත. අඩුතරමින් නව ලිබරල් විශ්ලේෂණ අනුව රාජ්‍යයේ ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් 13% දක්වා පහත වැටී ඇති තත්වයක් තුළ නව බදු යෝජනා මඟින් රාජ්‍ය ආදායම් තව දුරටත් අඩු වීමේ අවධානම හෝ ඊට යෙදිය යුතු පිළියම් පිළිබඳව සංවාදයක් හෝ පිළිතුරු බැඳීමක් දක්නට නැත.
ඊට අමතරව අයවැය තුළ දක්නට ලැබෙන යහපත් දේ ලෙස හැඳින්වෙන යෝජනා ප්‍රායෝගික යථාර්තයක් බවට පත්වනු ඇත්ද යන සැකය ද පහළ වේ. උදාහරණයක් ලෙස කෘෂි, පශු සහ ධීවර අංශවල මහා පරිමාණ ව්‍යාපෘති සඳහා වසර 5 කට බදු සහන ලබාදුන් පමණින් වෙළඳපොළතුළ පවතින අවාසිදායක තත්වයන් යටතේ ආයෝජකයින් පැනගෙන ඉදිරිපත් වන්නේ නැත. ඒ මගින් දැනට පවතින මහා පරිමාණ කුකුල් ගොවිපළ හිමියන් පිරිසකට මෙතෙක් ගෙවූ බදු නොගෙවා සිටීමේ අවස්ථාව ලැබේ. ඊට අමතරව ආණ්ඩුව ඉඩම් කොල්ලයකට මඟ සලසනවා යන බරපතල චෝදනාවට ලක්වෙමින් ව්‍යාපාරිකයින්ට අක්කර දහස් ගණනින් ලබාදුන්නද ඔවුන් කෘෂි හෝ පශු ක්ෂේත්‍ර වල ආයෝජනවලට කෙටි කාලිනව යොමුවනු ඇතැයි සිතිය නොහැක. බොහෝවිට සිදුවිය හැක්කේ එසේ බදු ගන්නා ඉඩම් විදේශීය මහා සමාගම් සමඟ ඒකාබද්ධ ව්‍යාපෘති මඟින් අයුතු ලෙස උපබදු දීමය. එසේම කුඩා සහ කර්මාන්කරුවන්ට වෙළඳපොළ නිර්මාණය කිරීමෙන් තොරව ඔවුන්ට ණය දීම මඟින් ප්‍රශ්නය විසඳෙන්නේ නැත. බොහෝ විට සහන පොලී ලේබලය සහිත ණය මඟින් පවා අවසානයේදී සිදුවන්නේ ඔවුන්ගේ දේපල බැංකු වලට සින්න වීමය. රාජ්‍ය මිලදී ගැනීම් වලදී දේශීය නිෂ්පාදන වලට 15% ප්‍රමුඛතාවය සහිතව වඩා වැඩි මිලක් ගෙවීම සඳහා පවතින ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ටෙන්ඩර් පටිපාටි තුළ අනිවාර්ය කිරීමටවත් රජය ක්‍රියාකොට නැත. රටේ විශාලතම මිලදී ගන්නා වන රාජ්‍ය ඔවුන්ට එම සහනය ලබා නොදේ නම් ඔවුන්ගේ වෙළඳපොළ පුළුල් වන්නේ කෙසේද?
අනෙක් පැත්තෙන් ගත් විට කිරි ආර්ථිකය දියුණු කිරීම මුල්කරගෙන සතුන් මිලදී ගැනීම සඳහා ගොවියාට ලක්ෂ 5 ක ණය දීමට යෝජනා කළත් පශු සම්පත් මණ්ඩලයට අදාළ පනත මඟින් බලය පවරා ඇති පරිදි ජාතික කිරි ගව අභිජනන ව්‍යාපෘතියක් මඟින් අඩු මුදලට පැටව් ලබා දීමේ ව්‍යාපෘතියක් ගැන අයවැය මඟින් කථා කරන්නේ නැත. කිරි පිටි ආනයනය වසරකට ඇ.ඩොලර් මිලියන 55 කින් අඩුකළ යුතු බවට ඉලක්ක ඉදිරිපත් කළ ද කිරිපිටි ආනයනය අධෛර්යමත් කිරීම සඳහා පසුගිය රජය විසින් ආනයනකරුවන්ට ලබා දුන් කි.ග්‍රෑම් 1 කට රු. 223 ක් වූ බදු සහනය අහෝසි කිරීමට යෝජනා කෙරෙන්නේ නැත. එම බදු ආදායම රු. මිලියන 18,000 ක් පමණ වන අතර එම මුදල යොදා ගනිමින් කිරි ආර්ථිකය කනපිට හැරවීමේ හැකියාව ඇත. එහෙත් විදේශීය කිරිපිටි සමාගම් වලට කූලිකාරකම් කරන නිලධාරීන් ඊට ඉඩදෙන්නේ නැත. කෙසේ වෙතත් මෙම අයවැය තුළ ඉතා වැදගත් යහපත් දෙයක් ලෙස දැකිය හැක්කේ වෘතීය අධ්‍යාපනය දිරිමත් කිරීම සහ ඒ සඳහා අවස්ථා වැඩි කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දීමය. එය දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්ථා වැඩි කිරීමට හේතුවේ. මෙම දීර්ඝ සාකච්ඡාවේ අවසාන සහ අවංක අරමුණ වන්නේ බදු පැනවීම් සහ බදු සහන දීම මඟින් ආර්ථිකය සහ වෙළඳපොළ තුළ සිදු කරන වෙනස්කම් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන සහ මහජන සංවාදයට ලක් කෙරෙන දීර්ඝ කාලීන උපාය මාර්ගික ප්‍රතිපත්තියකට අනුව සිදු කිරීම සඳහා මහජන සංවාදයක් ඇති කිරීමය.
වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...