පොල්තෙල් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සංස්කෘතියත් සමග එකට බැඳුනකි. එය දේශීය ආහාර හා ආහාර සැකසීමේදී දෙවැනි වනුයේ සහල් වලට පමණි. ආයුර්වේදයේදී ද බොහෝ තෙල් වර්ග සැකසීමේදී ප්‍රධාන වන්නේ පොල්තෙල්ය. නැතහොත් පොල් කිරිය. අපේ එදිනෙදා ආහාරයේදී, හොද්දට මාළුවට, බැදුමට, නියඹලාවට, මැල්ලුමට, සම්බෝලයට පොල් හෝ පොල් යහමින් භාවිතා කරයි. එමෙන්ම කිරි බතටද යොදන්නේ පොල්කිරිමය. ඒ හැරුණුකොට අපගේ ආහාර සංස්කෘතියේ සියලු අතුරුපස පාහේ පොල්තෙල්වලින් බදින ලද ආහාර වේ. ඒවා අතර කැවුම්, කොකිස්, මුං අලුවා, ආස්මි, දොදොල්, පැණි වළලුද යන අතුරුපස ප්‍රධාන තැනක් ගනී.
කුඩා කල ළදරුවන්ට උණු උණු කැකුළු බතට ලුණු හා පොල්තෙල් අනා කෑමට දීම අප කුඩා කල රස බැලූ මිහිරි අත්දැකීමකි. හදිසියේ සීරීමක්, තැල්මක් හෝ කුඩා සතෙකු (මී මැස්සෙකු, කූඹියෙකු, කඩියෙකු) කෑමෙන් හෝ දළඹුවෙකු වැදුනහොත් හෝ කහඹිලියා වැදීම නිසා එන පලු නැගීම හා කැසීම නැවතීමට ගාන්නේද පොල්තෙල්ය. මේ හැරුණුකොට හිසට පොල්තෙල් ගෑම අපගේ ස්වස්ථතා සංස්කෘතියේ හිස හා කොණ්ඩය ආරක්ෂා කිරීමේ ප්‍රබලම ඖෂධය වේ. පොල්තෙල් මගින් කෙස් වර්ධනය, ශක්තිය වැඩිකරන අතර හිස් කබලේ බොහෝ රෝග දුරලන මහෝෂධයක් වන්නේ පොල්තෙල්ය.
පෙරකල අපේ යුවතියන්ට දිගු වරලසකට හිමිකම් කීමට උදව් කළේද පිරිසිදු පොල්තෙල්ය. පොල්තෙල්වලට අපගේ සංස්කෘතිය තුළ කොපමණ මුල්තැනක් ඇත්ද යත් සිංහලයන්ගේ ප්‍රධාන උත්සවය වන සිංහල අලුත් අවුරුද්දේදී හිසතෙල් ගෑම නම් ප්‍රධාන නැකතටද භාවිතා වන්නේ පොල්තෙල්ය.එමෙන්ම මඟුලක තුලාවකදී මුලින්ම කරන චාරිත්‍රය වන්නේ තෙල් ලිප තැබීමයි.
පෙරකල ආහාරය සඳහා සාදා ගන්නා තෙල් අත්තෙල් නම් විය. එනම් ගා මිරිකාගත් පොල්කිරි කකාරා සාදා ගන්නා තෙල් වේ. නූතන අර්ථයට අනුව නම් අත්තෙල් යනු Vergin Coconut Oil වේ. කොප්පරා වලින් සාදා ගන්නා තෙල් වලට වඩා අත්තෙල් ගුණ බවත් රසයෙන් උසස් බවත් පෙරකල ලක්වැසියන් හොඳින් දන්නා කරුණකි.
චිරාත් කාලයක් සෑම වේලකටම යහමින් පොල් සහ පොල්තෙල් පරිභෝජනය කළ ජාතියක් වශයෙන් අප පැරැන්නන්ට ඉහෙන් බසින රෝගයක් නොසෑදුනද අද වනවිට අපරදිගයන්ගේ ආහාර සංස්කෘතිය පසුපස ගිය ජාතියක් වශයෙන් ආහාර මුල්කොට ගත් ප්‍රධාන රෝගවලින් සමස්ත ජාතියෙන් අඩකට වඩා රෝගී වී ඇත.
මෙම රෝග ප්‍රචලිත වන්නට පටන් ගන්නේ පනහ දශකයේ අග භාගය තුළදීය.එකල රුධිරයේ කොලෙස්ටරෝල්වලට ප්‍රධාන හේතුව වන්නේ පොල්තෙල් යයි බටහිර වෙදුන් කියන්නට යෙදෙනුයේ කිසිම සායනික පර්යේෂණයක ප්‍රතිඵලවල නොසිටාය. එතැන් පටන් හෘද විශේෂඥයන් යයි කියාගන්නා සියලුම බටහිර වෙදදුරන් පොල්තෙල් හා පොල් ආහාරයට නොගන්නා ලෙස දේශන, අත්පොත්, පත්‍රිකා,වැඩමුළු පැවැත්වූහ. තමන් ළඟට එන රෝගීන්ට පොල්තෙල් ආහාර තහනම් කළහ. පොල්කිරි නොදා ඒ වෙනුවට සෝයා කිරි ආහාර සඳහා භාවිතා කිරීමටද පොල්කිරි භාවිතා කරන්නේ නම් මිටිකිරි ඉවත දමා දියකිරෙන් පමණක් ආහාර පිසගන්නැයි ඔවුන් ජනතාවට උපදෙස් දුන්හ. මෙම උපදෙස් දුන්නේ කිසිම විද්‍යාත්මක පදනමක නොසිටාය. එය දශක තුනකටත් වඩා එකදිගටම ප්‍රචාරය කෙරුණි. එයට සමාන්තර ලෙස රට තුළට එළවළු තෙල් නාමයෙන් ශරීරයට විෂවන, තෙල් මුල්කොට සෑදෙන රෝග වැඩි කරන ෆාම් තෙල්, එළවළු තෙල් ආනයනය හා සෝයා ප්‍රචලිත කිරීම සිදු කෙරුණි.
මෙය බටහිර වෙළඳ ආධිපත්‍ය හිමි බහුජාතික සමාගම්වල තවත් අධිරාජ්‍යවාදී ආර්ථික සුරාකෑමක් මෙන්ම සංස්කෘතික මොළ සේදීමෙන් කරන ලද ආර්ථික ඝාතනයකි. හැටේ දශකයෙන් පසු ඇතිවූ පරම්පරාව බටහිර විද්‍යාව යනු පරම සත්‍ය ලෙස සැලකු පරපුරකි. එම නිසා විද්‍යාවේ නාමයෙන් කුමන දේ කිවූවද එය එසේම භාර ගැනීමට මෙම පරම්පරාව සැදී පැහැදී සිටින බැවින් මෙම දේශීය ආහාර සංස්කෘතිය වෙනස්කර ආනයනික ෆාම් තෙල්, සෝයා තෙල් වලට පුරුදු කිරීමට හැකි විය.
සම්පුර්ණ ලිපිය කියවන්න පහත සබැඳියට ක්ලික් කරන්න….
http://wp.me/p43mP8-g
© මව්බිම ලංකා පදනම – ගන්න අපේ දේ 2013
✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿
දේශීයත්වය අගය කරන්න…
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු…!
ගන්න අපේ දේ…
යාළුවන්ටත් දැනගන්න දැන්ම [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e] කරන්න…
තවමත් අපිත් එක්ක එකතු උනේ නැද්ද….??
එහෙනම් මෙන්න අපේ ලින්ක් එක
Check this out ☛☛☛☛☛
http://www.facebook.com/infomlp
✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿
ඔබගේ අදහස් අප වෙත එවන්න…
☛ www.gannaapede.com
✉ info@gannaapede.com
✆ 071-8651058
✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...