ඊයේ(19) හවස් වරුව වන විට දොළොස්වන රණවිරු සැමරුමද සමරා අවසන් කර ඇත. නමුත් සැමරුම සිදුකරන්නේ තිරස්චීන ඝාතකයා ඝාතනය කළ දිනද නොඑසේ නම් කලින් දිනද යන පැණයක් සමහර ජනමාධ්‍ය පළ කරණ ප්‍රකාශ අනුව මතුව ඇත. සමහර අයට අනුව එම දිනය මැයි 18 වනදාය. නමුත් ඝාතකයා ඝාතනය කල හමුදා ඛණ්ඩය මෙහෙයවූ මේජර් ජනරාල් කමල් ගුණරත්නයන් සඳහන් කරන්නේ එය සිදුවුනේ මැයි 19 වන දින උදෑසන 9:45 ට බවය. ඉදින් අප එතුමා කියන දෙය අහමුද, නැතහොත් ජනමාධ්‍ය වල යන ආකාරයට අනාගතයට අනාගැනීමට ඉඩදී දිනය අවුල්කර ගනිමුද? පළමු කොටම කමල් ගුණරත්න මහතාට අදම මේ වැරැද්ද නිවැරදි කිරීමට සිතුවිලි පහළ වේවායි ප්‍රාර්ථනා කරමි.
දොළොස්වන රණවිරු සැමරුම කොවිඩ් වසංගතයට සමගාමීව සුළුවෙන් පැවැත්වීමට සිදුවී ඇති තත්ත්වයකට පත්වී ඇති වාතාවරණයක් රටේ පවතින අතරේ දරුස්මාන් වාර්තාවෙන් වැඩ ඇල්ලු යස්මින් සූකා මානව හිමිකම් කොමිසමේ 46/1 න් ලැබුන තල්ලුවෙන් උත්තේජනයවී අවසාන මානව හිමිකම් සටන සඳහා ලහි ලහියේ යුහුසුළුව කඳවුරු බැඳ සේනා කැඳවා බර ආයුද වලින් තම බල කඳවුර සන්නද්ධ කරන ආකාරයක් දැකිය හැක. එහෙත් ඊට මුහුණ දීමට කිසිත් සූදානමක් ඊට අදාලව රජයේ පාර්ශවයන් විසින් පෙන්නුම් කරන ආකාරයක් නොපෙනන බවට චෝදනා නැගෙමින් ඇත. එසේම මෙහි ඇති අනෙක් පුදුමයට කාරණය වන්නේ රජයේ ඉහල තනතුරු දරණ යුද අපරාධ චෝදනා වලට සෘජුවම නම්කර ඇති රණවිරුවන් පවා මේ පිළිබඳව උනන්දුවක් දක්වන බවක් නොපෙනීමයි. ඔවුන් පෙරසේ ඉහලින් ලැබෙන නියෝගයන් පිළිපදිමින් තමුන්ගේ දිවි නොතකා එදා සේම අදද තමාට පැවරුණ රාජකාරියේ නිරතවේ. ඔවුන්ට අනාගතයේදී යස්මින් සූකාට මුහුණ දීමට සිදුවෙන බවක් මතක් වන්නේම නැත. නැතහොත් ඔවුන්ට එසේ සිතෙන බවක් අපට පෙනෙන්නේම නැත.
පසුගිය දිනවල රජයේ ඉහල තැන්වලින් පැවසුන කාරණයක් වන්නේ රජය 46/1 ට විරුද්ධ වීම නිසා ඒ මගින් සම්මත කරන ලද කිසිවක් අපේ රණවිරුවන්ට විරුද්ධව භාවිතා කල නොහැකි බවයි. මෙය ඉතා බරපතල සාවද්‍ය උපකල්පනයක් වේ. මෙය අනිවාර්යයෙන්ම වැරදි මග පෙන්වීමක් බව පැහැදිලිව සඳහන් කළ යුතුමය. රණවිරුවන්ට එරෙහිව සාක්ෂි යළි ප්‍රශ්න කිරීමට නොහැකි වාතාවරණයක් යටතේ ගොනුකිරීම මගින් සිදුවන්නේ ඒක පාර්ශවිකව නඩු අසා තීන්දු දී ඇති ස්වභාවයක් නිර්මාණය වීමයි. එහිදී අපේ රණවිරුවන්ට සිදුවන්නේ ලැබෙන ඳඬුවම කුමක්ද කියා අසා සිටීමට පමණයි. 30/1 න් සිදු වූවාට වැඩිය දරුණු ලෙස මෙම වටයේදී චෝදනා ගොනුවේ. මෙවර සිදුවන්නේ ඕනෑම රටකදී ඳඬුවම් ලබාදිය හැකි වන ලෙස චෝදනා ගොනුකර, විවරණයකර, ඳඬුවම් ලබාදීමට හැකිවන ලෙස චෝදනා සවිස්තරාත්මකව ගොනු කිරීමයි. රජය මේ පිළිබඳව සාධණීයව කටයුතු කරණ බවක් දක්නට නොමැත. එබැවින් රණවිරු සැමරුම් කුමණ තත්ත්වයන් යටතේ පැවැත්වුවද රණවිරුවන්ගෙන් එක ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරමි. එනම්, කරුණාකර ඔබලාගේ අනාගත පැවැත්ම ඔබලා අදම සුරක්ෂිත කරගන්න.
ඒ සඳහා අඩුම තරමෙ ඔය පාර පෙන්වන්න හදන අයගෙන් ” ඔය 46/1 යටතේ ගෙනෙන යුද අපරාධ චෝදනා හේතුවෙන් යම් හෙයකින් අපව මෙරටදී රණවිරුවන් ලෙස සැලකුවත් පිටරටදී අප යුද අපරාධකරුවන් හැටියට සලකන්නේ නැතිද ? එසේ සලකන්නේ නැතිනම් ඒබව තහවුරු වන්නේ කුමන සාධක මතද? පිටරටකදී අපව අත්අඩංගුවට ගැනීමේ අවධානමක් නැත්ද? නැතිනම් ඒ බව තහවුරු කරන්නේ කෙසේද? යම් හෙයකින් අපව අත්අඩංගුවට පත්වුවහොත් රජය ඒ සඳහා අවශ්‍ය කටයුතු කරයි කියා සෑහීමකට පත්වන්නේ කෙසේද? යම් හෙයකින් අපව අත්අඩංගුවට පත්වෙන විට අප නියෝජනය කරන්නාවූ වත්මන් ආණ්ඩුවක් නොතිබුනහොත් අපට මුහුණ දෙන්නට වෙන්නේ කුමන තත්ත්වයකටද? ඒ අවස්ථාවේදීත් අප වෙනුවෙන් රජය ඉදිරිපත්වේවි යැයි කීමට ඇති සහතිකය කුමක්ද? අපගේ පවුල් වල අයට එයින් බලපෑමක් ඇතිවන්නේ නැතිද? ඒ බව සනාත කරන්නේ කෙසේද? අපගේ යම්කිසි දේපලක් විදේශයක ඇතිනම් ඒවා තහනම් කිරීමේ අවධානමක් නැත්ද? ඒ බව සනාත කරන්නේ කෙසේද?” ආදී වශයෙන් වූ ප්‍රශ්න රණවිරුවන් වූ ඔබලා විසින්ම නැගිය යුතුයි.
මේ පිළිබඳව පාර පෙන්වන්නන්ගෙන් ලැබෙන එකම උත්තරය “අපි 46/1 අනුමත කිරීමට විරුද්ධ වූ නිසා ඕවා බලපාන්නේ නෑ” යන්නනම්, අනිවාර්යයෙන් ඔබතුමන්ලා විශාල තර්ජනයක් හමුවේ ඉන්නා බව පමණක් පැවසීම සෑහේ කියා හිතමි.
අප ළඟ ඊළඟට කළයුත්තේ කුමක්ද කියා පිළිතුරක් ඇතත් එය කිහිප විටක්ම පවසා ඇති බැවින් මේ අවස්ථාවේ ඒ පිළිබඳව සඳහන් කිරීම අනවශ්‍යයි කියා හිතමි. ඊළඟ වසරේදීවත් ජිනීවා තර්ජනයකින් හා වැරදි මග පෙන්වනන්ගේ කුමන්ත්රණයකින් තොරව රණවිරුවන් සැමරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි.
මේ වගට,
ලේකම්,
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව ,
යසස් ධර්මදාස.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...