මෙම රජය බලයට පත්වීමෙන් පසු රහස් පොලිසියේ ප‍්‍රධානීන් සිව් දෙනෙක් මාරුවීම් ලැබූහ. ඊට හේතු වූයේ දුර්වල ක‍්‍රියාකාරකම් බව වාර්තා විය. එසේම පොලිස්පති යටතේ ඇති රහස් පොලිසියේ කටයුතු නිරීක්‍ෂණය නොවීම තවන් බරපතළ ප‍්‍රශ්නයකි. මෙයට වසර ගණනකට පෙර කැලැත්තෑව අපරාධය ඇතුළු සිදුවීම් රැසක් කාර්යක්‍ෂමව විසඳීමට රහස් පොලිසියට හැකි විය. එහෙත් ක‍්‍රම ක‍්‍රමයෙන් රහස් පොලිසියට හිමිව තිබූ ජන ප‍්‍රසාදය ඇදවැටී ඇත. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමේදී රහස් පොලිසියට එල්ල වූ බරපතළ චෝදනා ඊට තවත් හේතුවක් විය.
පාස්කු ප‍්‍රහාරය සිදුවී වසර දෙකක් ගත වී ඇත. මෑතකදී නීතිපති දප්පුල ද ලිවේරා පැවසූවේ රහස් පොලිසිය පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන්ට නඩු ගොනු කිරීමට අවශ්‍ය වාර්තාව ලබා දී නැති බවයි. මෙහිදී නැගෙන බරපතළ ප‍්‍රශ්නය නම් රහස් පොලිසියේ මේ ප‍්‍රමාදය ගැනයි. රහස් පොලිසියේ අතීතය විමර්ශන කරන විට යහපාලන රජය යටතේ රහස් පොලිසිය, පොලිසියේම බලධාරීන් මවිත කරන අයුරින් කටයුතු කරනු ලැබීය.
එසේම රහසිගත රහස් පොලිස් වාර්තා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පවා යැවීමට රහස් පොලිසියේ නිලධාරියකු කටයුතු කළේ රජයේ අවසරයකින් තොරවය. එහෙත් රහස් පොලිසිය පාස්කු ප‍්‍රහාරය ගැන කටයුතු කරන ආකාරය දැඩි සැකයට භාජනය වී ඇත. මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර, රහස් පොලිසියේ ප‍්‍රමාදය ගැන රහස් පොලිස් බලධාරීන්ගෙන් ප‍්‍රශ්න කර ඇත.
රහස් පොලිසියේ අතීතය ගැන විමර්ශනය කරන විට හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකරගේ ක‍්‍රියාදාමයක් වාර්තා වී නාවික හමුදාවේ කමාන්ඩර් සුමිත් රණසිංහ ජනපති කොමිසම හමුවේ පැවසූවේ ත‍්‍රිකුණාමලයේ වධකාගාරයක් පවත්වාගෙන යන ලෙස ගෝඨාභය සහ කරන්නාගොඩ නියෝග කළ බව පවසන ලෙස සී අයි ඞීය තමන්ට බලපෑම් කළ බවයි.
මේ හැර තවත් වාර්තාවකින් දැක්වූයේ වව්නතිව් ඝාතනයට හිටපු කොටියකු වූ අජන්තන් අත්අඩංගුවට ගෙන පාස්කු ප‍්‍රහාරය සඳහා සහරාන්ට සී. අයි ඞීය වළ කැපූ බවය. මෙයට අමතරව රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානියා හිටපු ජනපති මෛත‍්‍රී නොමග යවමින් නීතිපතිට කරුණු දක්වා ඇති බව ද පසුගියදා හෙළි විය. මෙවන් පසුබිමක් මැද රහස් පොලිසිය කෙරේ ජනතාවට විශ්වාසය තැබිය හැකිද?
රහස් පොලිසියේ අතීතය නිරීක්‍ෂණය කරද්දී හෙළිවන කරුණු මෙසේයි.
1. රහස් පොලිසියේ 4 වැනි තට්ටුවෙන් දොඩම්පේ මුදලාලි සහ කෝප‍්‍රල් තිලකවර්ධන බිමට දමා එය දිවි නසා ගැනීමක් ලෙස පෙන්නුම් කිරීම.
2. විජය කුමාරතුංග ඝාතනයේ සැකකරු ටාසන් වීරසිංහ රහස් පොලිසියේ රඳවා සිටියදී අතුරුදන්වීම.
3. රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානී බෙනට් පෙරේරාගේ අබිරහස් ඝාතනය
4. මාවනැල්ල බුදුපිළිමයට හානි කළ සැකකරුවන් දෙදෙනා නිදහස් කිරීම
5. වව්නතිව් පොලිස් භටයන් දෙදෙනා ඝාතනයට සම්බන්ධයක් නැති අජන්තන් නැමැති හිටපු කොටි ක‍්‍රියාකාරිකයා අත්අඩංගුවට ගැනීම
6. ප‍්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ චාල්ස් ඥාණකෝන්ට රහස් පොලිසිය තුළදී සුපිරි පහසුකම් ලබාදීම
7. රහස් පොලිසියේ රහසිගත බී වාර්තා විදේශීය රටවලට ලබාදීම
8. මෙම රහස් වාර්තා තමන් දුටු බව මානව හිමිකම් කොමසාරිස් පැවසීම.
එහෙත් රහස් පොලිසියේ සිදුවූ මේ අක‍්‍රමිකතාවලට කිසිවෙකුට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූයේ නැත. මෙම පසුබිම මැද මෙයට පෙරද රහස් පොලිස් වාර්තා අසම්පූර්ණවීම ගැන රහස් පොලිසියට චෝදනා එල්ල විය. එහෙත් මෙම වාර්තා ඕනෑකමින් ප‍්‍රමාද කරන්නේද එසේත් නැත්නම් පසුගිය රජයේ දේශපාලන හිතවතුන් රහස් පොලිසිය තුළ තවදුරටත් ක‍්‍රියාත්මක වන්නේද? තාජුඞීන්, එක්නැලිගොඩ, කෙයිත් නොයාර් සහ උපාලි තෙන්නකෝන්ට පහර දිම, ත‍්‍රිකුණාමලය ළමුන් අතුරුදන් වීමේ සිද්ධිය ඇතුළු සිද්ධිය රැුසකදී රහස් පොලිසිය දේශපාලන උපදෙස් මත කඩිසරව ක‍්‍රියාත්මක වූ අයුරු හෙළිවිය. එහෙත් එම කඩිසර බව පාස්කු ප‍්‍රහාර විමර්ශනවලට භාවිතා නොවූයේ මන්ද?
මේ දක්වා පාස්කු ප‍්‍රහාරයට ජාත්‍යන්තර සබඳතාවයන් සොයා ගැනීමට රහස් පොලිසියට නොහැකි වීම බරපතළ අබිරහසකි. පාර්ලිමේන්තුව තුළදී විවිධ දේශපාලකයන් බොස් යනුවෙන් හඳුන්වනු ලැබූවකු සිටින බවත් හිටපු රහස් පොලිස් ප‍්‍රධානියා කි‍්‍රමාර් නැමැති වෙබ් අඩවියෙන් තොරතුරක් සොයාගත් බවටද අනාවරණය විය.
මෙම පසුබිම මැද පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන් සම්බන්ධව නීතිමය ක‍්‍රියා මාර්ග ගැනීමට තව කොපමණ කළක් යයිද? තමිල්නාඩු විශේෂ විමර්ශන ඒකකයේ ප‍්‍රධානියාව සිටි බී. කාර්තනායගන් ශ‍්‍රී ලංකාවට නොපැමිණ තමිල්නාඩුවේ සිටම රජිව් ගාන්ධි ඝාතකයා සොයා ගැනීමට ක‍්‍රියා කරනු ලැබීය. එහෙත් අපේ රහස් පොලිසිය යහපාලන රජය පැමිණීමත් සම`ගම දේශපාලනීකරණය විය. දේශපාලකයන්ට සෘජුව රහස් පොලිස් ප‍්‍රධානියාව ඇමතීමට හැකි විය. මේ නිසා ජනතාව රහස් පොලිසිය කෙරේ තැබූ විශ්වාසය බිඳවැටී තිබේ. එක් රහස් පොලිස් නිලධාරියෙකු නළුවකුගේ නිවසේ වළං හේදීමට පවා ඉදිරිපත් වීම මුළු රහස් පොලිසියට සිදුවූ මහා අවමානයකි.
මේ හැර යහපාලන රජයට සම්බන්ධ මාධ්‍ය පාර්ශ්ව කීපයකට රහස් පොලිසියේ දොරද විවෘත විය. ඒ පොන්පියෝ පිලාත් නැමැති රෝම ආණ්ඩුකාරයා ක‍්‍රිස්තුස් වහන්සේ පාවා දී අත සෝදාගත් අයුරින් රහස් පොලිසියද අත සෝදා ගැනීමයි. මේ තත්ත්වය මත යුක්තිය ඉටුවනු ඇතැයි බලාපොරොත්තුව සිටි පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ගේ අපේක්‍ෂා ඉටුවේද?
මෙම රජය බලයට පත්වීමෙන් පසු රහස් පොලිසියේ ප‍්‍රධානීන් සිව් දෙනෙක් මාරුවීම් ලැබූහ. ඊට හේතු වූයේ දුර්වල ක‍්‍රියාකාරකම් බව වාර්තා විය. එසේම පොලිස්පති යටතේ ඇති රහස් පොලිසියේ කටයුතු නිරීක්‍ෂණය නොවීම තවන් බරපතළ ප‍්‍රශ්නයකි. මෙයට වසර ගණනකට පෙර කැලැත්තෑව අපරාධය ඇතුළු සිදුවීම් රැුසක් කාර්යක්‍ෂමව විසඳීමට රහස් පොලිසියට හැකි විය. එහෙත් ක‍්‍රම ක‍්‍රමයෙන් රහස් පොලිසියට හිමිව තිබූ ජන ප‍්‍රසාදය ඇදවැටී ඇත. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමේදී රහස් පොලිසියට එල්ල වූ බරපතළ චෝදනා ඊට තවත් හේතුවක් විය.
මේ අතර විපක්‍ෂයේ දේශපාලකයන් පාස්කු ප‍්‍රහාරයෙන් වසර 2කට පසු සොනික් නමින් හඳුන්වන ඔත්තුකරුවකු ගැනද කියා සිටී. හමුදාව විසින් බුද්ධි නිලධාරියකු රැුගෙන ගිය බවටද චෝදනා එල්ල වී ඇත. මේ හැර රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානී ශානි අබේසේකර වනාතවිල්ලූව ලැක්ටොක් වත්ත විමර්ශනයට ගිය හමුදා නිලධාරීන් පිළිබඳ සටහනක් සිය සාක්කු දිනපොතේ සටහන් කර ඇතැයිද ප‍්‍රචාරය වී තිබේ. මේ සියලූ දේ මතුවන්නේ ශානි අබේසේකර සිරගතවීමෙන් පසුවය. හිටපු ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිබඳ ජනාධිපති කොමිසම විමර්ශන පවත්වන අවස්ථාවේ හිටි හැටියේම රෝහිනි සතුරුසිංහ නැමැත්තියක් මතු වී කොමිසමේ සාක්ෂි කණපිට හරවනු ලැබීය. ඒ නිසා දැන් සිදුවන්නේ ඊට සමාන ක‍්‍රියාදාමයක් බවට බරපතළ සැකයක් මතු නොවන්නේද?
එසේම මාවනැල්ලේ සැකකරුවන් දෙදෙනා හිටපු ජනපතිගේ අත්සන මත නිදහස් වූවත් එම අත්සන් ව්‍යාජ යැයි කිවනොහැකිද? මෙලෙස හොර අත්සන් ගැනීමත් සිදුවූයේ රහස් පොලිසිය තුලින්ද? අධිකරණ නියමයන් නැතිව මහර බන්ධනාගාරයේ සිරගත කළ පුද්ගලයන් කීපදෙනකු ගැනද හෙළිවිය. ඔවුන් මහර බන්ධනාගාරයට ගෙනවිත් තිබුණේ රහස් පොලිසියයි. එසේම වත්මන් ජනපති සිරගෙට යැවීමට හිටපු රහස් පොලිස් ප‍්‍රධානීන්ට අවශ්‍ය විය. මෙයට අමතරව බුද්ධි අංශ ක‍්‍රියාකාරීන් 41ක් අත්අඩංගුවට ගැනීමට යහපාලන පොලිස් ප‍්‍රධානියා ප‍්‍රමාද වූයේ නැත. වන්නි මෙහෙයුමට දායක වූ මේජර් ජනරාල් අමල් කරුණාරත්න නාවික හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩ මාන්ඩලික ප‍්‍රධානි රවින්ද්‍ර විජේගුණවර්ධන සිරගෙට යැවීමේ ක‍්‍රියාදාමයක්ද ක‍්‍රියාත්මක විය.
මේ හැර හමුදා බුද්ධි අංශයේ එළි නොදැක්විය යුතු තොරතුරු ලබා ගැනීමටද හිටපු රහස් පොලිස් ප‍්‍රධානියා දැඩි උත්සාහයක යෙදුණි. මෙයට පෙර සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මිලේනියම් සිටි රහස් හෙළි කළේය. වත්මන් ජනපතිට එරෙහි බොරු සාක්කි පවසන ලෙස නාවික හමුදා සැකකරුවන්ට බලපෑම් කළේද එදා රහස් පොලිසිය බව අනාවරණය විය. හමුදා බුද්ධි බලකායේ විශ‍්‍රාමික කෝප‍්‍රරල් රවින්ද්‍ර රූපසිංහ පැවසූවේ ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව බොරු සාක්කි කියන ලෙස තමාට දැඩි බලපෑම් කළ බවයි.
මේ අතර රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක නිශාන්ත සිල්වා සිය පිස්තෝලය සහ යතුරුපැදිය රහස් පොලිස් බලධාරීන්ට භාරදී ස්විස්ටර්ලන්තයට පැන ගියේය. එහෙත් ඒ ගැන රජයට හෝ ජනපතිට දැනුම් දීමත් සිදු වූයේ නැහැ. එසේ වූවත් මාධ්‍යයක ගිය පුවතක් සම්බන්ධයෙන් ප‍්‍රමාදයකින් තොරව මාධ්‍ය ආයතනවලට දිව ආවේ එදා සිටි රහස් පොලිසියයි. ඒ යහපාලන දේශපාලකයන්ගෙන් ලකුණු දමා ගැනීමටය. එසේම තාජුඞීන් සිද්ධියට ගෝඨාභය සහ නාමල් සම්බන්ධ යැයි කිව්වොත් රුපියල් කෝටි 2ක් දී කැනඩාවට යවන බවට රහස් පොලිසිය පැවසූ බව හිටපු පොලිස් පරීක්‍ෂකවරයෙක්ද හෙළි කර තිබුණි.
මේ නිසා එදා රජය යටතේ රහස් පොලිසියේ ක‍්‍රියාකලාපය ලැජ්ජාවට පත්විය යුතු දෙයක් නොවේද? මේ අතර පාස්කු ප‍්‍රහාරයට අදාළ රහස් පොලිස් නිලධාරීන් 54ක් නීතිපති බලධාරීන් සම`ග සාකච්ඡුා කර ඇතැයි වාර්තා විය. එහිදී එම වාර්තාවල අඩුපාඩු නිසා ෆයිල් රැුගෙන ගොස් පසුගිය අපේ‍්‍රල් 24 වැනිදා ආපසු නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. මේ නිසා නීතිපති බලධාරීන්ගේ කඹ ඇදිල්ලක් ගැන සැක මතු වී ඇත. එසේම අන්තවාදී සංවිධාන තහනම් කිරීමට අනුමැතිය ලබානොදී ප‍්‍රමාද කළ නීතිපති නිලධාරියාට එරෙහිව මෙතෙක් පියවරක් ගෙන නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...