සිදුහත් බෝසතාණන් වහන්සේ උතුම් බුදු බවට පත් වූ දිනය හෙවත් ලෝක වාසි බෞද්ධයන් ශ්‍රී ගෞතම සම්මා සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් ධර්මාර්ථ චරියාවෙහි යෙදෙන උතුම් වෙසක් පුන් පොහෝ දිනය යෙදී ඇත්තේ අදටයි.
අදින් වසර 2645 කට පෙර සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය ද, වර්ෂ 2610 කට පෙර සම්මා සම්බුද්ධත්වයට පත්වීම ද, වර්ෂ 2564 කට පෙර බුද්ධ පරිනිර්වාණය ද සිදු වී ඇත්තේ වෙසක් පොහෝ දිනයක වීම විශේෂත්වයකි. කෙසේ වුවද වෙසක් පෝය දිනය මුළු ලෝකයටම සුවිශේෂ දිනයක් වූයේ සිදුහත් බෝසතාණන් වහන්සේ උතුම් බුදු බවට පත් වූ දිනය අදින් වසර 2610 කට පෙර අද වැනි දවසක යෙදීම නිසාය.
අප මහ බෝසතානන් වහන්සේගේ උත්පත්තිය හෙවත් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, සිදුහත් තවුසා බුදුබවට පත්වීම හෙවත් බුද්ධෝත්පත්තිය හා බුදුරදුන්ගේ පිරිනිවන් පෑම හෙවත් මහා පරිනිර්වාණය සිහිකිරීම උදෙසා මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන මෙම උත්සවය පාරම්පරිකව පැවැත්වෙන රාජ්‍ය චාරිත්‍රයක් බව දීප වංශයෙහි මෙන්ම මහා වංශයෙහිද සඳහන් වේ. කෙසේ වුවද බුද්ධකාලීන භාරතයෙහි මෙවන් උත්සවයක් පිළිබඳව සඳහනක් නොවුණත්, බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ දෙකක් ගත වූ පසු, මගධයේ අධිපතියා වූ ධර්මාශෝක රජතුමා වෙසක් දිනය නිමිති කරගෙන දැවැන්ත උත්සවයක් සංවිධානය කළ බව අශෝක ශිලා ලේඛනයන් හි සඳහන් වේ.
මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන ඒමෙන් පසුව මෙබඳු උත්සවයක් පැවැත්වීම පිළිබඳව ප්‍රථම වරට හමුවන්නේ දුටුගැමුණු රජතුමාගේ රාජ්‍යය කාලයේ දීය. අප රට ඉංග්‍රීසීන්ට යටත්වූ පසුව ඔවුන් විසින් 1886 මැයි 25 වන දින වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රසිද්ධියට පත්කරන ලද බව ඉතිහාසයේ සඳහන් වේ.ශ්‍රී ලංකාවේ වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කළ ප්‍රථම අවස්ථාවද මෙය විය.
ත්‍රෛනිකායික මහනායක මා හිමිපාණන් වහන්සේලා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මේ වර්ෂයේ තදින් බලපා ඇති කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිපදිමින්, බුදුගුණ වඩමින්, මෙත් කරුණා ගුණ හදවත් තුළ දරමින් ප්‍රතිපත්ති පූජාවෙන් වෙසක් සමරන්නට උත්සුක වන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...