මෙරට ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීම සඳහා ලාෆ් සමාගමේ සීයයට 40 කොටස් ලිට්රෝ සමාගම සමග ඒකාබද්ධ කිරීම සඳහා ඉකුත් දා පැවති කැබිනට් රැස්වීම සඳහා දෙවන වරටත් ඉදිරිපත් කරනු ලැබූ ගැසට් පත්‍රිකාව ඉවත් කර ගැනීමට රේඛිය අමාත්‍යවරුන් විසින් කටයුතු කරනු ලැබුවා.
කැබිනට් අමාත්‍යවරුන් සහ පොදු මහජනතාව නොමග යවමින් වැරදි දත්ත පෙන්වා සිදුකිරිමට ගිය අදහාගත නොහැකි මෙම කතාව ඉතා රසවත්ය.
ජාතියේ වාසනාවට මෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරිම නිසා කැබිනට් පත්‍රිකාව අනුමත නොවීමෙන් රට පත්වීමට ගිය විශාල විනාශයකින් බේරා ගැනීමට හැකිවිය.
මෙම කැබිනට් පත්‍රිකාව අනුමත නොවීමෙන් රටට අත්වූ වාසිය කුමක්ද? මේ ඒ සම්බන්ධයෙන් ඔබට සෘජුව කෙරෙනා කරුණු පැහැදිලි කිරීමක් :
* මෙරට තුළ ගෘහස්ථ ගෑස් භාවිතා කරනු ලබන ජනගහණය සීයයට 30ක් වන අතර දල වශයෙන් ගත් කළ එය මිලියන 6.6ක්. ඔවුන් සියලු දෙනා රටේ මධ්‍යම පාන්තික ජනතාවයි.
* මෙරටට ගෑස් ආනයනය කර බෙදා හරිනු ලබන සමාගම් ඇත්තේ දෙකක් පමණි. ඒ මෙරටේ සියයට 80ක වෙළෙඳපොළ අධිකාරියක් සහිත රජයේ සමාගමක් වන ලිට්රෝ සමාගම වන අතර අනෙක් සමාගම වන්නේ වෙළෙඳපොළ අධිකාරියේ සීයයට 20ක් ඇති ලාෆ්ස් සමාගමයි.
* ලිට්රෝ සමාගම ටෙන්ඩර් පටිපාටියක් අනුව සිය ගෑස් මිලදී ගැනීම සිදුකරන ලබයි. ඔවුන්ගේ අවසන් ටෙන්ඩර් මිලදී ගැනීම “සෞදි ආර්ම්කෝ” සමාගමෙන් වන අතර, මිල සමග ප්‍රවාහන ගාස්තු ඇතුලත්ව එය 105.40ක්.
* LP ගෑස් මිලදී ගැනීමේදී පවතින එකම විචල්‍යය වන්නේ භාණ්ඩ ප්‍රවාහන පිරිවැයයි. මන්ද සමාගම් දෙකම ගෑස් මිලදී ගනු ලබන්නේ ලෝක වෙළෙඳපොලෙන් වන අතර එහි මිල මාසිකව උච්චාවචනය වීම නිසා එය ඔවුන්ට පොදු මිලක් ලෙසයි සලකනු ලබන්නේ.
* ලාෆ් ගෑස් සමාගම සිය LP ගෑස් මිලදී ගනු ලබන්නේ ඔවුන්ගේ වෙබ් අඩවියේම සඳහන් කර ඇති ඩුබායි හි පිහිටුවා තිබෙන අනුබද්ධිත ආයතනයක් වන Slogal Energy හරහායි. ලයිස්තුගත සමාගමක් ලෙස කොළඹ මිලදී ගැනීමේ විනිවිදභාවයකින් යුක්ත වුවද, ඔවුන්ගේ සම්පුර්ණ අක්වෙරළ සමාගමක් ලෙස Slogal Energy හඳුනනු ලබන්නේ ලාෆ්ස් කළමණාකාරිත්වය පමණි.
* හම්බන්තොට වරාය පරිශ්‍රයේ මෙට්ට්‍රික් ටොන් 30,000 ගෑස් ගබඩා කිරීමේ පහසුකමක් ලාෆ්ස් සමාගම විසින් ඉදිකර ඇත. මෙම LGLL නමි වූ ස්වාධින ලයිස්තුගත සමාගමක් වන අතර එය LP ගෑස් බෙදාහැරීම සඳහා සෘජුවම බලපාන්නේ නැහැ.
කැබිනට් පත්‍රයට පසුබිම වුයේ ලෝක වෙළෙඳපලේ LP ගෑස් මිල ඉහළ යෑමත් සමගයි. මේ සමග ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙක විශාල අලාභයක් ලබන අතර, සමාගම් දෙක සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාමේ අවදානය යොමු වී ඇත.
ඒ සඳහා පියවරක් ලෙස තොග වශයෙන් ගෑස් මිලදී ගෙන ඒවා ලාෆ්ස් ගබඩා පර්යන්තයේ ගබඩා කොට වෙන් වෙන්ව ගෑස් මිලදී ගැනීමෙන් වැලකි සිටීම මගින් ආර්ථික ප්‍රයෝජනයක් ගැනීම සඳහා ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් දෙක බලාපොරොත්තු වී ඇත.
මේ වෙනුවෙන් ලාෆ්ස් ටර්මිනල් ආයතනයේ සීයයට 40 ක කොටසක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අවසර ඉල්ලා ඇත. ( ලාෆ්ස් ටර්මිනල් කම්පැනි යනු ලාෆ්ස් සමාගමේම වෙනස් වූ අංශයක් වන අතර ලාෆ්ස් සමාගම ශ්‍රී ලංකාවේ LP ගෑස් බෙදා හැරීමේ වගකිවයුතු ලැයිස්තුගත සමාගමක් වනවා).
LP ගෑස් මිලිදී ගැනීමේ මිල සුත්‍රය ලෙස අවදානය යොමු කරමු..
සෞදි ආර්මිකෝ කොන්ත්‍රාත් මිල + නැව් ගාස්තු = LP ගෑස් මෙට්ට්‍රික් ටොන් එකක් සඳහා ශ්‍රී ලංකාවට ලබා දෙන මිල.
තොග මිලට ගෑස් මිලදී ගැනීමේදී මිලකරණයේ ඇති එකම විචල්‍යය වන්නේ භාණ්ඩ ප්‍රවාහන පිරිවැයයි. එහිදී ඔබට විශාල නෞකා භාවිතයෙන් ඔබගේ භාණ්ඩ ප්‍රවාහන පිරිවැය අඩුකර ගත හැක. දැනට ලිට්‍රෝ සමාගම භාවිතා කරනු ලබන්නේ මෙට්ට්‍රික් ටොන් 2,500 – 4,500 ධාරිතාවයෙන් යුත් නෞකාවන්ය.
කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබු අදහාගත නොහැකි මිල ගණන් වුයේ මෙට්ට්‍රික් ටොන් 01ක් සඳහා එය ඩොලර් 80ක් වන අතර එය මෙට්ට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 25.40 ක අඩු කිරීමක්. එය ගෑස් සිලින්ඩරයක මිලෙන් රුපියල් 63.50 කට සමාන වේ.
මෙම සමාගම් දෙක පාඩු ලබන බව පවසමින් ගෑස් මිල වැඩි කිරීමට අවසර ඉල්ලා ඇති අතර එය දිගු කාලීනව කර්මාන්තයේ පැවැත්මට උදව් නොකරනු ලබන අතර, ලාෆ්ස් ගෑස් ටර්මිනල් සමාගමේ සීයයට 40 ක කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන ආයෝජනය ද සාධාරණිය නොකරේ.
ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුව එය අමාත්‍ය මණ්ඩලයේ දී අනුමත වූවානම්, ලාෆ්ස් සමාගම සිය වැරදි කළමනාකරණය හේතුවෙන් පත්ව ඇති ණය උගුලෙන් ගැලවී ලිට්‍රෝ සමාගමේ සම්පුර්ණ සැපයුම් ජාලය සිය පාලනය යටතට ගැනීමට ඉඩ තිබුණි.
තමන්ගේ සැපයුම් ජාලය කිසිදු අයුරකින් සිය ප්‍රතිවාදියාගේ අතට පත් නොකිරීමේ වැදගත් පණිවිඩය මෙමගින් ශ්‍රී ලාංකික රජයන් ගේ අනාගත සුබ සිද්ධියට ලැබීම බෙහෙවින් උපකාර වනු ඇත.
මෙම උත්සහය ලිට්‍රෝ සමාගම බරපතල කඩා වැටීමට හේතු පාදක වීමට ඉඩ තිබු අතර, එය එසේ සිදුවුවානම් තවත් අසාර්ථක රාජ්‍ය හිමිකාරී ව්‍යාපාරයක් වන ආකාරය වලක්වා ගැනීමට කාටවත් නොහැකිවනු ඇත.
රාජ්‍ය / පෞද්ගලික සමාගමක් ලෙස ලිට්‍රෝ වෙත 40% ක් සහ 60%ක් ලාෆ්ස් සමග පිහිටුවූවානම්, ලාෆ්ස් සමාගමට එහි පාලන බලය හිමිවන අතර එමගින් සමාගම් දෙකේම සැපයුම් සඳහා නියාමයන් නියම කිරීමේ ඔවුන්ට හැකිය.
ඩුබායි පදනම් කර ගත් සැපයුම් සමාගමක් හිමි ලාෆ්ස් සමාගමට මෙමගින් ශ්‍රී ලංකාවේ තනි සැපයුම්කරු වීමේ හැකියාව හිමිවන අතර එය ඔවුන්ට නිධානයක් පහල වූවාක් මෙන් වනවා. මන්ද සිය සැපයුම් සමාගම සමග එක්වී වසර කිහිපයක් තුල අති විශාල ලාභයක් ලැබීමට හැකිවන අතර එමගින් අති දක්ෂ උපාය මාර්ගික වෙළෙඳ ඒකාධිකාරියක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබේ.
රටේ මෙන්ම ජනතාවගේ වාසනාවකට මෙම ව්‍යවසනකාරි තත්ත්වය ජනාධිපතිවරයා සහ ජේෂ්ඨ පරිපාලන නිලධාරීන්ගේ අවදානයට යොමු වීමෙන් සිදුවීමට ගිය මහා ව්‍යවසනයක් වලකා ගැනීමට හැකිවිය.
කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු අනුව ලාෆ්ස් සමාගම රුපියල් බිලියන 22ක ණයවී ඇති අතර සමාගම බේරා ගැනීමේ අවශ්‍යතාවයක් මතුවී ඇත.
ශ්‍රී ලංකාවේ නාමය දරන ව්‍යවසායක සමාගමක් ලෙස ලාෆ්ස් සමාගම හැඳින්විය හැකිවීම සත්‍යයක්. කෙසේ වුවත් හොඳම දේ පවා වැරදියට වටහා ගන්නා අවස්ථා ඇත. සමාගමේ පරිපාලනය විසින් ගනු ලැබූ වැරදි තීරණයක් නිසා සිදුවූ වැරදී ආයෝජනයක ප්‍රථිපලයක් ලෙස මෙය හැඳින්විය හැක.
යම් අයෙකු බේරා ගැනීමට තීරණය කරන්නේ නම් මෙම වසංගත තත්ත්වය නිසා රැකියාවන් අහිමි වූ සේවකයින් සහ කාලගුණික විපර්යාසයන් නිසා පිඩාවට පත්ව සිටින ගොවින් විය යුතුය.
ආයතනික නොසැලකිල්ල සහ වැරදි තීන්දු තීරණ ගැනීම් ජාතික වස්තු හෝ ජාතික අවශ්‍යතාවලට මුවාවී පැමිණියත් ඊට ඉඩ නොදිය යුතුය.
ලාෆ්ස් සමාගම උත්සාහ කර ඇත්තේ ලෝක වෙළෙදපලේ මිල ගණන් ඉහළ යාම නිසා තමන් පාඩු ලබන බවට පෙන්වමින් එහෙත් කිසිදු ලාභයක් ලැබිය නොහැකි පාඩු ලබන සමාගමක් රජයට විකිනීමට වන අතර එහි සත්‍යතාවය රටේ ජනතාව දැන ගැනීම අනිවාර්ය කරුණක්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...