දේශපාලන ක්‍රමන්ත්‍රණ සිදුවන්නේ හදිසියේ නොවේ. අවස්ථානුකූලව හදිසි හෝ අහඹු ස්වරූපයෙන් කරලියට පැමිණිය ද, එම කුමන්ත්‍රණවල තිඹිරිගෙය සහ ප්‍රවේශය සකස්කෙරෙනුයේ කාලයක් තිස්සේ කරුණු අධ්‍යනයකර සිදුකරන ලද චේතාන්විත ක්‍රියාවන් රැසකගේ ප්රතිඵලයන් ලෙසය.
ආණ්ඩුවක් වැට්ටවීම සඳහා මහජන මතයක් ගොඩනැංවීම අත්‍යාවශ්‍යයැයි මතයක් පැවති බැවින් අපේ පැරණි (විශේෂයෙන් ම වාමාංශික) දේශපාලන ක්‍රියාධරයෝ සිය ජීවිත කාලයම, ජීවිත කාලයෙන් හරි අඩක් හෝ සමහර අවස්ථාවල දී තම ජීවිතය පවා තමන් ඇදහූ දේශාපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැපකලහ. එහෙත් අද කාලයේ ආණ්ඩු පිහිටුවීම හෝ වැට්ටවීම සඳහා අවශ්‍යවන්නේ එක් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ කූඨ සැලසුමක් පමණි. බහුජන මතය ගොඩනැගීම යනු තවදුරටත් සමාජ ව්‍යායාමයක් නොවන අතර එය කිසියම් පුද්ගලයකුගේ හෝ පුද්ගලයන් සුළුතරයකගේ අතින් නිර්මාණය කර බිඳෙන් බිඳ සම්පූර්ණ කල හැකි බියකරු සිතුවමක් පමණක් වන තත්ත්වයට පත්ව තිබේ.
ආණ්ඩුවක් බිඳවැට්ටවීම සඳහා භාවිතකල හැකි තාක්ෂණික කාරණා මෙන්ම විවිධ ආකාරයේ පෙළඹවීම් ද රාශියක් තිබේ. එල්ටීටීඊ සංවිධානයට එරෙහිව සිදුවූ යුද්ධයේ එක් තීරණාත්මක අවධියකදී මහින්ද රාජපක්ෂ රජයේ අයවැය පරාජය කර රජය බිඳවැට්ටවීමට සැලසුම් කිරීම එවන් එක් කුප්‍රකට කුමන්ත්රණයකි . මෙහිදී ගිනිය නොහැකි තරම් මුදල් ප්‍රමාණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඔවුන් බිලීබාගෙන, ඔවුන්ගේ ඡන්දය අයවැයට එරෙහිව ලබාගෙන මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට ත්‍රස්ත හිතවාදීන් අනවරත වෙහෙසක යෙදිනි (අය-වැය පරාජයට පත්වූ විට ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුය.). එහෙත් එම වෑයම පරාජය කිරීම සඳහා විවිධ ආකාරයේ දොලපිදේනි ලබාදී විරුද්ධවාදී දේශපාලනඥයන් නම්මවාගෙන ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් එවකට පැවති රජය සමත් නොවූවානම් බොහෝවිට අදටත් අපට යුද්ධ කරමින් සිටින්නට සිදුවනු ඇත.
යුද්ධය නිමාකිරීමෙන් පසු රජය විසින් උතුරු නැගෙනහිර පෙදෙස්වල සංවර්ධනය සඳහා විවිධ වැඩපිළිවෙලවල් දියත් කරමින් බොහෝමයක් සංවර්ධන ඉල්ලකයන් සම්පූර්ණ කල ද ඊට සමගාමීව ක්‍රියාත්මක වූ පශ්චාත් සංග්රාම දේශපාලන ව්‍යාපාරය මුළුමුනින් ම අසාර්ථක බව උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජන්දදායකයන්ගේ මනස හදාරා බැලූවිට පැහැදිලිව ම පෙනෙන්නට තිබිණ.
එසේ ම මෛත්‍රීපාල සිරිසේන වැනි පැවති රජයේ දේශපාලන ප්රමුඛයෙකු එම රජයටම එරෙහිව යොදාගෙන දියත්කල ඡන්ද සංග්‍රාමයට මුහුණදීමේදි එවකට රජයට වැරදුණු බොහෝතැන් තිබිණි. එයින් ප්‍රධානතම තැන වන්නේ “යහපාලන” කඳවුර විසින් රජය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එල්ලකර දමාගැසූ පදනම් විරහිත චෝදනාවලට ලොරි ගණනින් උත්තර බඳින්නට මහින්ද හිතවාදී දේශපාලකයන් දැරූ අපරමිත උත්සාහයයි. ඡන්දය දිනවීම පසෙක ලා “ලොක්කා” ට එරෙහිව නගන චෝදනා වැරදි බව පෙන්වීමට රාජ්‍ය සහ පෞද්ගලික සන්නිවේදන නාලිකා විසින් ලබාදුන් මුළු ප්රචාරක කාලයම යොදාගැනීම හේතුවෙන් යුධ ජයග්‍රහණය හැරෙන්නට එවකට රජය විසින් සිදුකරන ලද කිසිදු සාධනීය සංවර්ධන කාර්යයක් ගැන ඡන්දදායකයින් නිසිලෙස දැනුම්වත් කිරීමට එවකට බලයේ සිටි දේශපාලකයින් අපොහොසත් විය. රජය විසින් එසේ දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව අසුවූ එම දේශපාලන උගුල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සිය ඡන්ද පදනම වැඩිකර ගැනීමට අනියමින් උපකාරී විය.
දේශපාලන පරාජයන් හා ඒවාට හේතුභූත වූ කරුණු කාරණා නිසියාකාරව විග්රහකරගැනීමත් ඒවායින් පාඩම් උගැනීමටත් දේශපාලකයන් කටයුතු නොකරන තුරු “රෑ වැටුනු වලේ දවල් වැටීම” වලක්වාලනු උගහටය. බොහෝදෙනා අතිශ්‍ය සරල කාරණා ලෙස සලකා බැහැර කරන බොහෝ දෑ අද දවසේ දේශපාලන කරලිය තුල සිදුවන්නේ එවන් දේශපාලන කුමන්ත්රණයක ප්‍රතිඑල ලෙස බව පක්ෂදේශපාලනයෙන් බැහැරව සමාජය දෙස බලන සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට වැටහේ.
ජනතාවට නිවස්වලින් බැහැරට යා නොහැකි පරිදි පනවන සංචරණ සීමාවන් හිතූ හිතූ සෙල දීර්ඝ කරන ලෙස සිදුකෙරෙන අනවරත ඉල්ලීම් මෙන් ම මාධ්‍ය සාකච්ඡා ද ගැඹුරෙන් විමර්ශණය කර බැලූවිට ඒවායේ ඇති විද්‍යාත්මක අරමුණුවලට අමතරව ජනතාවට රජය එපාකරවීමේ අභිලාෂයන් ද ඇතිබව පෙනෙන්නට තිබේ. වෛද වෘත්තිකයෙකුට ජනතාව නිරුවත්කර පරීක්ෂාකර බැලීමට ඇති වෘත්තිය අයිතිය අපි පිළිගනිමු. එහෙත් “වළලුකර” ඉදිමුණු තැනැත්තියකට “පපුව” පෙන්නන්නට යැයි කීම අනිසි යෝජනාවක් යැයි කීමට වෛද්‍යවිද්‍යාව හදාරා තිබිය යුතු ම නැත. ආණ්ඩුවට සුදුහුණු ගාන වෛද්‍ය “පින්තාරුකරුවන්” මෙන් ම සංඛ්‍යාලේඛණ උවමනාවෙන් ම අවුල්කර රජය අපහසුතාවයට පත්කරන්නට වෙරදරන “බාල්දිකරුවන්” ද බොහෝමයක් ඇති බව අපට පෙනෙන්නට ඇති අතර ඒවා අහඹු ක්‍රියාවන් නොවේ යැයි අප කියන්නේ අත්දැකීමෙනි.
කෝවිඩ් මර්ධනය සඳහා යොදවා සිටින ත්‍රිවිද හමුදාවන් සහ පොලිසියට එරෙහිව ජනතා මතයක් ගොඩනැංවීමට දරන විවිධ උත්සාහයන්ද පසුගිය දින කිහිපයකදී වාර්තාවිය. රජය විසින් පනවා ඇති සංචරණ සීමා සහ කෝවිඩ් මර්ධනය අරමුණු කරගෙන පනවා ඇති විවිධ සීමාවන් උල්ලංඝනය කර ජනතාවට එරෙහිව පොලිසියත්, පොලිසියට එරෙහිව ජනතාවත් පෙලගස්සවා රජය අප්‍රසාදයට පත්කෙරෙන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයාට එරෙහිව විවිධ අපහාසාත්මක පුවත් ප්‍රසිද්ධ ජනමාධ්‍ය හරහා ප්‍රකාශය පත්කර එතුලින් සාවද්‍ය ජනමතයක් ගොඩනැඟීමත්, රජය ලවා එයට එරෙහිව කටයුතු කරවාගෙන ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්කර හෝ එයින් රජයට එරෙහිව ප්රචාරක වාසි ලබාගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් කටයුතු කරන ඇතැම් පුද්ගලයන් දැනටමත් හඳුනාගත හැකි මට්ටමට කරලියට පැමිණ ඇත. මේ රජය සුළු ජාතීන් පීඩාවට පත්කරන බව පෙන්වා පුළුල් ප්‍රචාරයක් ලබාගෙන යුරෝපීය රටක දේශපාලන රැකවරණය ලබාගැනීම එම ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රම්‍රඛ අරමුණ බව පෙනෙන්නට තිබේ.
මෙහි තුන්වන මුහුණුවර වන්නේ රජය ඇතුලත සිටින පාර්ශවයන් එකිනෙකා කොටවා භේදබින්න කරවීමට අවශ්‍ය සැලසුම් සකස්කිරීමයි. එම සැලසුම මේ වන විට අවම වශයෙන් සියයට තිහක ප්‍රමාණයක් සාර්ථකත්වයට පත්වී ඇත. මෑතකදී රජයේ පාර්ශවයන්ගේ කැපිලි කෙටිලි වලට ලක්වූ දේශපාලකයන්ගේ අනුගාමිකයන්ගේ ෆේස් බුක් සටහන් බැලූවිට රජය හෝ රාජ්‍ය නායකත්වය පිළිබඳ ඔවුන් දරණ ස්ථාවරය එතරම් හොඳ නොවන බව පෙනෙන්නට ඇත.
ගසක් කඩා වැටෙන්නේ ඇතුලතින් දිරාපත්වීමෙනි. කඳුකඩා වැටෙන්නේත්, සුනාමි ඇතිවන්නේත් අභ්‍යන්තර කැළඹීම් වල හේතුවෙනි. “කුඹල්කාරයාගේ “දවසක” වැඩ, “පොලුකාරයාට” එක පොළු පහරක් පමණකැයි අප කුඩා කලදී අසා ඇත. එසේ හෙයින් කුඹල්කාරයන් සහ පොලුකාරයන් එකිනෙකාගෙන් වෙන්කර හඳුනාගැනීමට අපගේ රාජ්‍ය නායකත්වයට ඇති හැකියාව මත පමණක් ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වනු ඇත.
චන්දන සේසත් ජයකොඩි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
පවතිනා තත්වය පිලිබඳ ඉතා හොඳ විග්රහයකි. ජනාධිපති තුමනි , කරුනු හොඳින් තේරුම් ගන්න. ප්‍රවේසම් වන්න. සහෝදර බැමි වලට වඩා රට ප්‍රධාන වනු ඇතැයි අපි සිතමු.