ජාතික ගොවිජන එකමුතුව විසින් රසායනික තෙල් පොහොර වලින් මිදීමේ උපායමාර්ගික සැලැස්ම සහ වී ගොවියා ප්‍රධාන කොටගත් සමස්ත ගොවිජනතාව හා දේශීය ගොවිතැන් නගාසිටුවීම සඳහා වන දස වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශය ගරු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අමාත්‍යවරයාට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සහ ප්‍රධාන ලේකම් චන්දන රණසිංහ යන මහත්වරුන් විසින් පිලිගන්වන ලදි. එහිදී අමත්‍යවරයා සමග කරනු ලැබූ සාකච්ජාවේදි මූලික අධියරේ දී ක්ෂුද්‍ර මූල්‍ය ණය මාෆියාවෙන් ග්‍රාමීය ගොවි ජනතාව බේරාගැනිම සදහා නැවත;
01. ගොවිජන බැංකු වලට යළි පණදීම
02. ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය යලි ඇරඹීම
03. කුඩා හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදයින්ට සහන සැලසීම
04. වසවිසෙන් තොර ගොවිතැන ට සමගාමිව දේශීය බිජ බැංකු ස්ථාපනය කිරීම ප්‍රධාන කොටගනිමින් අනෙකුත් සියලු යෝජනා පිලිබදව සාකච්ඡා කෙරුනු අතර ඒවා කඩිනමින් ක්‍රමානුකූලව ඉටුකරලීමට ක්‍රමවේදයක් සකසන බවටද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...