පුරවැසි කොලම

ගෝඨාභය ජනාධිපතිවරයා එක්වරක් හෝ මුණ ගැහෙන්නට අවස්ථාවක් ආවොත් මට අහන්න එක ප්‍රශ්නයයි තියෙන්නෙ?
” මිලින්ද මොරගොඩ සහ ඔබ අතර තියන සම්බන්ධය කුමක්ද?”
දැන් මේකනෙ මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හේතුවක් තියනවා.

ඒ තමා 2015-2019 කාලය තුල ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂලාගේ කඳවුර නියෝජනය කරපු සියලු දෙනා අපි දැක්කා..ප්‍රසිද්ධ වේදිකාවල්වල,වියත්මග ,එළිය වගේ සිවිල් සංවිධාන පවත්වපු දේශන,සම්මන්ත්‍රණ ආදී තැන්වල අපි අපේ කඳවුර කියල කිව්ව තැන්වල ගෝඨාභයට කැමති සමාජයේ ප්‍රසිද්ධ මහා සංඝරත්නය,දේශපාලකයන්,වියතුන්,කළාකරුවන්,විද්වතුන්,ව්‍යාපාරිකයන් ආදී සමාජය නියෝජනය කරන සියලුම දෙනා ප්‍රසිද්ධියේ ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති තනතුර සඳහා යෝජනා කලා,ඒ වෙනුවෙන් වැඩ කලා.අපි ඒ අය හඳුනාගත්තා.දයාන් ජයතිලක වගේ ජාතිකවාදී කඳවුරේ ද්වේෂයට පත්වුන සමහරු 2019 ට කලින්ම මේකෙන් බැසගියා.

කොහොම උනත් අපි මේ ගතවූ කාලය තුල ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ කොතනකවත් මිලින්ද මොරගොඩයෙක් දුටුවේ නෑ.මා නම් දුටුවේ නෑ..ඔබ දුටුවාද?.ඔහු ගෝඨාභය රාජපක්ෂගේ හිතවතෙකු හෝ අනුගාමිකයෙකු හෝ උපදේශකයෙකු හෝ කුමන තරාතිරමකින් ගෝඨාභය රාජපක්ෂ සමඟ සම්බන්ධදැයි කියා සමාජය දැන සිටියේ නෑ.ඔහුත් ගෝඨාභයත් අතර සම්බන්ධයක හංකවිසයක්වත් කිසිම තැනක ප්‍රසිද්ධියේ සඳහන් වුනේ නෑ..ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් සහ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ පුද්ගලයන් පැහැදිලිවම සමාජය දැක ගත්තා..මොරගොඩයෙක් ඒ කොහේවත් සිටියේ නෑ.

නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වූ පසු එක්වරම මිලින්ද මොරගොඩ කරලියට එනවා..ජනාධිපතිවරයා ඔහුව කැබිනට් බලතල සහිතව ඉන්දීය මහකොමසාරිස් තනතුරට පත්කරනවා..ජනාධිපතිවරණයට පෙර කිසිම තැනක සඳහනක්වත් නොවූ මිලින්ද මොරගොඩ එක්වරම මෙතනට පාත්වන්නේ කෙසේද?ඔහුත් ගෝඨාභය රාජපක්ෂත් අතර ඇති සම්බන්ධය කුමක්ද?මෙවැනි පුද්ගලයෙකු හෝ එවැනි විශාල තනතුරක් ලබා දීම වැනි කාරණයක් සුලු පටු නෑ නේ..ඒවා අහඹු සිදුවීම් කියා කාටවත් කියන්නට බෑනේ..මේවා මෙසේ සිදුවීමට පෙර යම්කිසි ක්‍රියාදාමයක් කලින් සිදුවී තිබිය යුතුයි.

එවැනි සම්බන්ධයක් කලින් සිට තිබුනා නම් 2015-2019 කාලය තුල එය රහසක් වශයෙන් තබාගෙන සිටියේ ඇයි..මිලින්ද මොරගොඩගේ පාත්ෆයින්ඩර් සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩුවේ තනතුරුවලට පත්වන්නේ ඇයි?(විමල් වීරවංශගේ ප්‍රකාශට අනුව)..මිලින්ද මොරගොඩ කිසිම ප්‍රසිද්ධ තැනක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපතිවරණයට පෙර පෙනී නොසිටියේ ඔහුට ඇති ජනතා විරෝධය නිසාද?එසේ සඟවාගෙන සිටීමෙන් සිදුකර ඇත්තේ පාවා දීමක්,රැවටීමක් නොවේද?

ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන තුරු තමන්ට සහය දුන් කඳවුරට නොපෙන්වා මිලින්ද මොරගොඩව පමණක් එසේ සඟවාගෙන සිටියේ ඇයි?
සමහර කුලී බුකී ලියන්නන් මේ මිලින්ද මොර⁣ගොඩ සහ පාත්ෆයින්ඩර් කල්ලිය ගැන කාරණය විහිලුවට ලක් කරන්නට උත්සාහ ගන්නවා..ඒ හරහා මේ කාරණය සාමාන්‍යකරණය කිරීමට උත්සාහ ගන්නවා.ඒවාත් අහඹු සිදුවීම් ⁣⁣නොවේ..ඒවා සිදුවන්නේත් සංවිධානාත්මකවයි.ඒවා සමාජමාධ්‍යවලට එන්නේ ඉහළ සිට ගලාගෙන එන පණිවිඩ සහ සැලසුම්වලට අනුවයි.
නැවත වතාවක් කියන්නේ මට ගෝඨාභය ජනාධිපතිව මුණ ගැසුනොත් අහන්නට තිබෙන්නේ එකම ප්‍රශ්නයයි.

“විදෙස් ඔත්තුසේවා ඒජන්තයෙක් බවට රජයේ ඇමතිවරුන්ම පිළිගන්නා පාත්ෆයින්ඩර් මිලින්ද මොරගොඩත් ඔබත් අතර ඇති සම්බන්ධය කුමක්ද?එවැන්නක් තිබුනානම් 2015-2019කාලය තුල එය සඟවා සිටියේ ඇයි?” කියායි..
තවමත් රටේ කිසිම මාධවේදියෙක්,දේශපාලකයෙක් හෝ කිසිම කෙනෙක් ජනාධිපතිවරයාගෙන් මේ ගැන විමසා නෑ..

-මාලින්ද ඩයස්-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More