කැරිබියානු කලාපයේ සිදුවුණු බරපතලම දේශපාලන චලනයන් අතර පසුගිය දිනක සිදුවූ හයිටි ජනාධිපති ජොවෙනල් මොයිපේ ඝාතනය කිරීම රටක රාජ්‍යය නායකයන් ඝාතනය කිරීමේ ක්‍රියාවලියේ නවතම ඝාතනය ලෙස සනිටුහන් වූවා.
එයට අමෙරිකානු කුලී හේවායෙකු ලෙස කටයුතු කළ හයිටි රාජ්‍යයේ කැනඩා තානාපති කාර්යාලයේ ප්‍රධාන ආරක්ෂක උපදේශකයා ලෙස සේවය කළ හයිටියේ රාජ්‍යය නොවන සංවිධානයක ඉහළ මට්ටමේ නිලධාරියෙකු වන ජේම්ස් සොලේග්ස් නැමැති තිස් පස් හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැණුනා. මතුපිටින් පෙනෙන්නට තිබෙන කරුණු අනුව දීර්ඝ කාලයක් තිස්සේ අමෙරිකාවේ කුරිරු හස්තයට නතුව සිටින හයිටිය කිසියම් හෝ නිදහසේ දිශානතියකට යොමු කිරීමට ඝාතනයට ලක් වූ ජොවෙනල් මොයිපේ කටයුතු කරමින් තිබුණා.
හයිටියේ දේශපාලනය එසේ සිදුවෙද්දී කැරිබියානු කලාපයේම හයිටියට කිලෝ මීටර් 80 ක් පමණ ඈතින් පිහිටි සමාජවාදී කියුබානු රාජ්‍යයේද දේශපාලන කැළඹීම් පසුගිය සතියේදී ඇති වූවා. එහිදී කියුබානු ජනයා මහ පාරට බැස අත්‍යාවශ්‍යය භාන්ඩ නොමැති බව පවසමින් උද්ඝෝෂණ කරණ වීඩියෝ දර්ශන මෙන්ම ඡායාරූප ජාත්‍යයන්තර මාධ්‍යයන්වල දිගින් දිගටම ප්‍රචාරය වනු දක්නට ලැබුණා. අධිරාජ්‍යය විරෝධී සමාජවාදී අදහස් ඇති ලෝකයේ හතර දිග් භාගයේ ජීවත් වන ජනයාගේ කඳවුරේ පහන් ටැඹ ලෙස ගෞරවාදරයට පත්වූ කියුබාව තුළ කියුබානු සමාජවාදී රාජ්‍යයට එරෙහිව එරට ජනයා වීදි බැස තිබීම සිත් රිදුම් දෙන කාරණයක් මෙන්ම විශ්වාස කළ නොහැකි කාරණයක් බවට පත්වුනා.
ඒ අනුව ශ්‍රි ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා විසින් ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කාර්යාලයේ සම්බන්ධීකාරකවරයෙකු ලෙස දිගු කලක් සේවය කළ විල්ෆ්රඩ් ජයසිංහ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව මෙසේ පල කරමු.
ප්රශ්නය: පසුගිය දිනවල ජගත් ජනමාධ්‍යය වල ප්‍රචාරය වූවා කියුබාව තුළ දැවන්ත උද්ඝෝෂණ රැල්ලක් ක්‍රියාත්මක වන ආකාරය. මෙම උද්ඝෝෂණ වලට හේතු වූ ආසන්නතම කාරණය වූයේ කොවිඩ්19 වෛරසය පාලනය කිරීම පිණිස පනවා ඇති සීමා සහ ආර්ථික අපහසුතාවයන්. මේ සම්බන්ධව ඔබගේ කියවීම කුමක්ද?
විල්ෆ්රඩ් ජයසිංහ මහතා: කියුබානු විප්ලවය ෆිදෙල් ඇතුළු නායකයන් විසින් ජයග්‍රහණය කරවීමෙන් අනතුරුව කියුබානු සමාජවාදී ආණ්ඩුව පිහිටවූ පළමු මොහොතේ පටන්ම අමෙරිකානු අධිරාජ්‍යයවාදීන් ප්රමුඛ අධිරාජ්‍යයවාදීන් සම්බාධක පැනවූවා. එම සම්බාධක වල ප්‍රතිඵලයක් ලෙස සමාජවාදී කියුබාව දරුණු ආර්ථික සහ මානුෂීය අපහසුතාවයන්ට මුහුණ දුන්නා. එය කියුබානු සමාජවාදී විප්ලවයේ නළලේ කොටා තිබූ උරුමයක්. ඒ උරුමය මත තමයි ෆිදෙල් කියුබාව ගොඩ නැගුවේ. ලැබෙන සීමීත සම්පත් සියළු දෙනා අතරේ අවශ්‍යයතාවයට අනුව සමානාත්මතා පදනමින් බෙදා ගැනීම ඔවුන්ගේ දර්ශනය තුළ ගැබ්ව තිබුණා. ඔවුන් එම ප්‍රායෝගික ක්‍රියාවලිය තුළ 1960 වර්ෂයේ කියුබානු විප්ලවයේ ජයග්‍රහනයේ පටන් අද දක්වා තම ජනතාව රැකගෙන තිබෙනවා. ලෝකයේ හොඳම වෛද්‍යය ක්‍රම අතරින් කියුබාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. අධ්‍යාපන ක්ෂේත්රය තුළත් කියුබානු සමාජවාදී ජනරජය පෙලහර පාන්නේ සෑම පුරවැසියෙකුටම ප්‍රාථමික අධ්‍යාපනයේ පටන් උසස් අධ්‍යාපනය දක්වා සියලු දේ නොමිලේ රජයෙන් සපයමින්. කැරිබියානු කලාපයේ පිහිටි ස්වාභාවික සම්පත් වලින් ඉතා අඩු රටක් විදියටත් දරුණු සුළි කුනාටු වලට මුහුණ දෙමින් සෑම සුළි කුනාටුවකින්ම පසුව ගම් ආශ්‍රිතව ජීවත් වන ජනයා නගරාසන්නයට විතැන් වෙමින් නාගරීකරණය නිසාම නව ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන කියුබාව දුෂ්කරතා මාධ්‍යයේ තම ජනයාගේ ජීවිත රැක ගැනීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටිනවා. අමෙරිකාව පනවා ඇති අතිශය අමානුෂික දරුණු සම්බාධක නිසා කියුබානු ජන ජීවිතය ඉතාම දුෂ්කරයි.
ප්රශ්නය: සමාවෙන්න! ඔබ ඔය කියන සම්බාධක 1960 ඉඳන්ම පවතිනවා. නමුත් අමෙරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යයවාදීන් ෆිදෙල් කැස්ත්‍රෝ මරා දැමීමට 637 වතාවක් උත්සාකරලත් අසාර්ථක වන්නේ කියුබානු කොමියුනිස්ට් පක්ෂය එතරම්ම මහ ජනයා සමඟ බැඳී සිටි නිසයි. නමුත් ගෝලීය වසංගත තත්වයකදී ඇතිවන ආර්ථික අපහසුතා හේතුවෙන් පමණක් ජනතාව වීදි බැස ඇති බව පිළිගැනීමට අපහසුයි. ඒ අනුව ශක්තිමත් කොමියුනිස්ට් පක්ෂයක් තිබියදීත් ජනතාව කියුබාව පුරාම වීදි බැස ඇතිනම් ඔබ පවසන අමෙරිකානු අධිරාජ්යයවාදියා කියුබානු සාමාන්‍යය ජනයා දේශපාලනිකව සංවිධානය කිරීමට සමත්ව තිබෙනවා. එසේ වන්නේ ඔබ ඔය පවසන කොමියුනිස්ට් පක්ෂයේ බරපතල දුර්වල කමක් හේතුවෙනුයි. ඔවුනට ඔය කියන කියුබානු කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි ඇති විශ්වාසය ෆිදෙල්ගෙන් රාවුල්ගෙන් පසුව බිඳ වැටී තිබෙනවා කියලයි අපට හැඟී යන්නේ.
විල්ෆ්රඩ් ජයසිංහ මහතා: ඔබගේ කියවා ගැනීම වැරදියි. ගෞතම බුදුන් වහන්සේට ගල් පෙරළුෑ දේවදත්ත හාමුදුරුවෝ සිදුහත් කුමාරයාගේ ගිහිකළ මස්සිනා. එපමණක් නොවෙයි දේවදත්ත හාමුදුරුවන්ට 500ක පමණ අනුගාමිකයන් පිරිසක් හිටියා. ෆිදෙල්ව 637 වතාවක් අමෙරිකාව ඝාතනයට උත්සහා කළේ අමෙරිකානු භූමියේදී නොවෙයි. ඒවා කියුබානු භූමිය තුළදියි සුදුවුනේ. ඒවාට කවුරුන් හෝ කියුබානුවෙක් කුමණ හෝ සහයෝගයක් දී තිබුණා. ඒකෙන්ම පැහැදිලියි අධිරාජ්‍යයවාදී කුමන්ත්රණකාරීන්ගේ අතකොළු කියුබාව තුළ ජීවමාන බව. නමුත් ඔවුන්ට දේශපාලන දහරාවන් ලෙස සංවිධානය වීමට ඉඩක් ඇත්තේ නැහැ. එනිසයි අපි කියන්නේ කියුබානු කොමියුනිස්ට් පක්ෂය ශක්තිමත්ව කියුබානු ජනයා තුළ රෝපනය වී තිබෙන බව. ඔබ දන්නවා 1961 වසරේදී අමෙරිකාව දියත් කළ සුප්‍රසිද්ධ “ඌරු බොක්කේ” ප්‍රහාරයට කියුබාවෙන් පලා ගිය කියුබානු ජාතිකයන් 1400ක් සහභාගි වූ බව. එම ප්‍රහාරය වලක්වා ගත්තේත් ශක්තිමත් කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මැදිහත් වීමෙන්ම තමයි. අද සමාජවාදී කියුබාවට ආදරය කරණ සුවහසක් ලෝක වාසී අධිරාජ්‍යය විරෝධී ජනයා දුක් වන නමුත් අධිරාජ්‍යයවාදයට හිතවාදීන් සතුටුවන පසුගිය දිනවල කියුබාව පුරාම සිදුවූ පන්නයේ උද්ඝෝෂණ මීට පෙරත් කියුබාව තුළ සිදුවී තිබෙනවා.
ප්රශ්නය: ඔබ ඔය කියන පන්නයේ උද්ඝෝෂණ සිදුවූ බවක් වාර්තාවී තිබෙනවා අපනම් දුටුවේ නැහැ.
විල්ෆ්රඩ් ජයසිංහ මහතා: ඔව් ඔබ හරි එහෙම වාර්තා වී තිබුණු බවක් සුලභව සොයා ගැනීමට නැහැ. නමුත් 1990 දශකයේ සෝවියට රුසියාව කඩා වැටෙන විට සෝවියට් රුසියාව මත යැපුණු කියුබානු ආර්ථිකය අදට වඩා දෙදරුම් කෑවා. රට තුළ කෘෂි යෙදවුම් වල බරපත අහේනියක් සිදු වූවා. ඔබ විශ්වාස කරන්න කොළඹ පිහිටි කියුබාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය පවා දැඩි ආර්ථික අහේනියකට මුහුණ පෑවා. ඒ නිසාම කියුබානු තානාපති කාර්යාලය නඩත්තු කිරීමේ කටයුතු පවා ශ්‍රී ලංකා කියුබා මිත්‍රත්ව සංගමයේ සහෝදරවරු භාර ගත්තා. එතරම් දුෂ්කර අවධියක කියුබාව තුළම විරෝධතාවයන් පැන නැගුණා. එක් අතකින් සෝවියට් දේශය කඩා වැටීමත් සමඟම සමාජවාදය ලෝකයෙන්ම අතු ගෑවී ගියාය කියන මතවාදය අමෙරිකාව ප්රමුඛ අධිරාජ්‍යයවාදීන් ප්‍රභලව සමාජගත කර තිබුණා. එම තත්වයන් කියුබානු ජන සමාජයටත් බල පෑවා. ඒ දිනවල කියුබාව ඔන්න වැටුනා මෙන්න වැටුනා කියා ජගත් ජන මාධ්‍යයවල නිතර දේවේලේ ප්‍රචාරය කළා. නමුත් ෆිදෙල් මූලිකව කියුබානු කොමියුනිස්ට් පක්ෂය කියුබාවේ කෘෂි කර්මාන්තය තුළ යෝද ජයග්‍රහණ ඇති කරවීමට සමත් වුනා. ජන විරෝධයන් ඉබේම තුනී වී ගියා. රුසියාව කඩා වැටීමෙන් කියුබාව තුළ ඇතිවූ ආහාර අහේනිය ලෝකය මවිත කරමින් පාලනය කර ගත්තා.
ප්රශ්නය: 1990 වර්ෂය පසුකර වසර තිහක් ලෝකය ඉදිරියට ගිහින් තියෙනවා. ෆිදෙල් මිය ගිහින්. ඔහුත් සමඟ කියුබානු විප්ලවයට නායකත්වය ලබා දුන් ඔහුගේ සොහොයුරු රාවුල් කස්ත්‍රෝ විශ්‍රාම ගිහින්. කියුබාවේ වත්මන් ජනාධිපති මිගුවෙල් ඩයස් කානෙල් කියුබානු විප්ලවය සිදුවන විට මෙලොව එළිය දුටුවා පමණයි. කියුබානු විප්ලවය සමඟ ඓන්ද්‍රීය බැඳීමක් ඔහුට නැහැ. ඔහු කියුබානු විප්ලවයේ පල භුක්ති වින්දෙකු පමණයි. ඒ නිසා 1990 දී කියුබාව මුහුණ දුන් අසීරු කාලය ෆිදෙල් කළමණාකරගත් තරම් පහසුවෙන් වත්මන් ජනාධිපතිවරයාට වත්මනෙහි ඔහු මුහුණ දෙන තත්වය කළමනාකරණය කර ගැනීමට හැකියාවක් තිබේදැයි සැක සහිතයි. මක් නිසාද යත් වත්මන් තරුණ කියුබානුවා ෆිදෙල් ගේ විප්ලවය අත් විඳි කෙනෙක් නෙවෙයි.
විල්ෆ්රඩ් ජයසිංහ මහතා : ඔබගේ කියවීම සම්පූර්ණයෙන්ම වැරදියි. කියුබානු විප්ලවය කියන්නේ 1959 ජනවාරි පළමුවනදා ෆිදෙල් චේ ඇතුළු නායකයින් ජයග්‍රහනය කළ සන්නද්ධ සටන කියා සිතනවා නම් සම්පූර්ණයෙන්ම වැරදියි. ෆිදෙල් ඇතුළු ජූලි 26 ව්‍යාපාරයේ නායකයෝ කියුබානු විප්ලවය ජයග්රහනයෙන් පසුව ශක්තිමත් කොමියුනිස්ට් පක්ෂයක් නිර්මාණය කළා. ඔවුන් කියුබානු ජනයාගේ සමාජ ආර්ථික දේශපාලන තත්වයන් ඉහළ නැංවීමට දිවා රෑ නොබලා කටයුතු කළා.කියුබානු විප්ලවය කියුබානු ජනයාගේ ජීවිත වල අංගයක් බවට පත් කළා. කියුබානු විප්ලවය යනු කියුබානු ජනයාගේ සමාජ මනෝභාවය බවට පත් කළා. වත්මන් කියුබානු ජනාධිපතිවරයා ඇතුළු සමස්ත කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකයන් වැඩුනේ එම සංදර්භය ඇතුළේයි. කියුබානු ජන සමාජයේ සාතිශය බහුතරය කියුබානු විප්ලවයේ ඇති වැදගත්කම ගැඹුරින් වටහා ගෙන සිටිනවා. ඔවුන් කියුබානු විප්ලවය ආරක්ෂා කිරීමට පෙරට එනවා. එය සර්වලෝක සත්‍යයක්.
ප්රශ්නය:කියුබානු කොමියුනිස්ට් පක්ෂය ඔතරම්ම ශක්තිමත් නම් කියුබාව පුරා මෙතරම් දැවන්ත ජන උද්ඝෝෂණ පැන නගින්නේ කොහොමද?
විල්ෆ්රඩ් ජයසිංහ මහතා: පළමුව නැවතත් අවධාරණය කළ යුතුයි කියුබානු විප්ලවයේ ජයග්රහනයෙන් පසුව කියුබාවේ ඇතිවූ පළමු ජන උද්ඝෝෂණය මෙය නොවෙයි. නමුත් මෙහි විශේෂත්වයක් තිබෙනවා, සමාජ මාධ්‍යය ජාලාවල කියුබාවේ උද්ඝෝෂණ ප්‍රචාරය වුනා. අධිරාජ්‍යයවාදී ජගත් ජනමාධ්‍යය තුළ කියුබානු උද්ඝෝෂණ උත්හර්ෂයට නංවා තිබුණා. ඖෂධ සහ ආහාර අහේනියට එරෙහිව ඔය කියන පිරිස කියුබාවේ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ කළ බව සත්‍යයක්. නමුත් ඊට පසු දිනම කියුබානු කොමියුනිස්ට් පක්ෂය ප්රමුඛ කියුබානු ජනයා එම ප්රතිගාමී උද්ඝෝෂන වලට එරෙහි ප්‍රභල උද්ඝෝෂණ රැල්ලක් කියුබාව පුරා දියත් කර තිබුණා. එයට ජනාධිපති මිගුවෙල් ඩයස් කානෙල් ඇතුළු නායකයන් සියළු දෙනාම පාහේ සහභාගි වී තිබුණා. ඒ අනුව ප්රතිගාමි උද්ඝෝෂණ දිය වී ගියා. කියුබාවේ මෙම ප්රතිගාමි උද්ඝෝෂණ වල හරය තේරුම් ගැනීමට හයිටි ජනාධිපති ජොවෙනල් මොයිපේ ඝාතනය වූ සංදර්භයත් තේරුම් ගැනීමට සිදු වෙනවා.ජොවෙනල් මොයිපේ ඝාතනය සිදු කරණු ලබන්නේ අමෙරිකානු කුලී හේවායන් ප්රමුඛ වූ කණ්ඩායමක් විසින්. ඔවුන් අතර වෙනිසියුලාව,කොළම්බියා වැනි රටවල පුරවැසියන් මෙන්ම අමෙරිකානු පුරවැසි භාවය ලැබූ හයිටි පුරවැසියන්ද වනවා. ඔවුන් ජනාධිපති ජොවෙනල් මොයිපේ ඝාතනය කර හයිටියෙන් පිටවීමට අවශ්‍යය හෙලි කොප්ටර් පවා සූදානම් කරගෙන සිටියා. අපට දැනට තිබෙන තොරතුරු අනුව ජනාධිපති ජොවෙනල් මොයිපේ හයිටිය තුළ සමාජ ආර්ථික දේශපාලන වෙනස්කම් කිරීමට නිල අල්ලන්නට උත්සහා කර තිබෙනවා. හයිටිය සහ කියුබාව අතර ඇත්තේ කිලෝමීටර 80ක පමණ දුරක්. එම භූමිය අමෙරිකානු කුලී හේවායන්ගේ ආරක්ෂිත භූමියක්. ෆේස් බුක් ජාලා හරහා කියුබාව තුළ උද්ඝෝෂණ ආරම්භ කළ බව තමයි දැන් හෙලිවී තිබෙන්නේ. අමෙරිකාවම නිර්මාණය කළ උද්ඝෝෂණ රැල්ලක් ඇති කර කුලී හේවායන් හරහා කියුබානු නායකයන් ඝාතනය කර කියුබාව අස්ථාවර කරලීමේ කුමන්ත්‍රණයක් තිබුණා දැයි සැක හිතන්නට තරම් හේතු සාධක තිබෙනවා. අධිරාජ්‍යයවාදීන් ලිබියාවේදී මෙම ක්‍රමය සාර්ථකව අත්හදා බැලුවා. ප්රතිගාමී උද්ඝෝෂණ රැල්ලට එරෙහිව වීදි බැස සිටිය කියුබානු වීරයන් පස් දෙනාගෙන් එක් අයෙකු සහභාගි වූ උද්ඝෝෂණයක පින්තූර පවා උද්ඝෝෂකයන්ගේ පිංතූර ලෙස ජාත්‍යයන්තර ජනමාධ්‍යය පළකර තිබුණා. එයින් පෙනෙනෙවා අධිරාජ්‍යයවාදී ජාත්‍යයන්තර ජනාමාධ්යය කොතරම් පක්ෂග්රාහිද කියා. කියුබානු කොමියුනිස්ට් පක්ෂය ශක්තිමත් නිසා තමයි මෙතරම් පහසුවෙන් ප්රතිගාමි උද්ඝෝෂණ රැල්ල මැඩ පවත්වන්නට හැකි වූයේ. අනිත් අතට ශ්‍රී ලංකාවේ මේ දිනවල සිදුවන උද්ඝෝෂණ පිටුපස සිටින්නේ කවුදැයි සොයා බලන්න. අපේ රටේ සිදුවන උද්ඝෝෂණ වලට කොතරම් සාධරණ හේතු තිබුණත් එම උද්ඝෝෂන පිටුපස සිටින්නේ ජාත්‍යයන්තර රාජ්‍යය නොවන සංවිධාන වල බළල් අත්. දින පහක පාර්ලිමේන්තු පදවිය දැරීමේ හේතුවට කෝටි ගණනක් වටිනා වාහන හිමි කරගත් අය මේ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරණවා. කියුබාවේ ප්රතිගාමි උද්ඝෝෂණ පිටුපසද මෙවැනි අවතාර සිටිනවා විය හැකියි.
ප්රශ්නය: ඔබ ඔය කියන කියුබාවට පක්ෂපාත රටවල් කියුබාව මුහුණ දෙන මානුෂීය ප්‍රශ්නයට උපකාර කරන්නේ නැතිද?
විල්ෆ්රඩ් ජයසිංහ මහතා: රුසියාව චීනය වෙනිසියුලාව වැනි රටවල් කියුබාවේ සහයෝගයට ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ වගේම කියුබාව නිර්මාණය කළ කොවිඩ් වෛරසය මර්ධන එන්නත ලතින් අමෙරිකානු කලාපයේ රටවල් වලට නොමිලේ බෙදා හැර තිබෙනවා. ඒ වාගේම වෙනිසියුලාව වැනි රටවල් කියුබාවෙන් කියුබාව සොයාගත් කොවිඩ් මර්දන එන්නත මිලදී ගෙනත් තිබෙනවා. කියුබාව දරුණු ලෙස බෙහෙත් විදින සිරිංජර් හිඟයකට මුහුණ දෙනවා. මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින කියුබානු මිත්‍රත්ව සංගම් සැලකිය යුතු ප්‍රමානයක සිරින්ජර් කියුබාවට යවා තිබෙනවා. ඔබට මතක නම් චීනය ඉතා පැහැදිලිව ඔප්පු කර පෙන්වූවා චීනයේ වුහාන් ප්‍රදේශයෙන් මුල් වරට සොයා ගත් කොවිඩ් වෛරසය නිර්මාණය කර ඇත්තේ අමෙරිකාවේ බව. ඒ අනුව ඔවුන් ඔප්පු කර පෙන්නුවා අමෙරිකාව විසින් චීනයට ජෛව අවි ප්‍රහාරයක් ලෙස කොවිඩ් වෛරසය එවා ඇති බව. එය සත්‍යයක් නම් කියුබාවටත් කොවිඩ් වෛරසය පැතිර වූයේ අමෙරිකාව බව සැක කිරීමට හැකියි. අමෙරිකාව ආපදා කළමණාකරණ දේශපාලනයේ යෙදීමට ශූරයන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...