පුරවැසි කොලම

ජයග්‍රහණයට පියවරු බොහෝය. පරාජය අවජාතකය. ගුරු සටන උත්පත්තියෙ සිටම අවජාතකය. තම පෞද්ගලික පටු දේශපාලන අරමුණු ඉෂ්ඨ කර ගැනීමට දියත් කළ මේ වර්ජනය සහමුලින්ම අවජාතකය. ගුරු විදුහල්පති එකමුතුවෙි කැඳවුමිකරැ උලපනේ සුමංගල හාමුදුරුවෝ මේ අරගලය ගැන අද මෙහෙම කියනවා.
” වසර 24 ක් පුරාම වැටුප් විෂමතා පිළිබඳ සාධාරණ ගුරු අරගලය පාවා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.ජනතා විමුක්ති පෙරමුණේ බාල, දීන, නීච දේශපාලනය මෙම අරගලය නැති කරලා දැම්මා.ඔවුන් බූවල්ලො වගේ ඕන තැනකට රිංගලා ඒක විනාශ කරනවා.
ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් වෘත්තීය සටන් දිනලා නෑ. ඔවුන් කරලා තියෙන්නේ ආයතන වහන එක, රට විනාශ කරන එක. රෑට රෑට ධනපති පක්ෂත් එක්ක ගනුදෙනු කරලා දවල්ට රතු කමිස ඇඳගෙන පීඩිත පන්තිය වෙනුවෙන් බොරුවට කතා කරනවා.
( මේ සත්‍ය මීට බොහෝ කලකට පෙර නිශ්ශංක සේනාධිපති හෙලිදරව් කළා මතකද..? )
වෘත්තීය අරගලය ගැන කතා කරන්න ඕනෑම ප්‍රසිද්ධ තැනක විවාදයකට එන්න කියලා මහින්ද ජයසිංහ ට මම අභියෝග කරනවා. මම ඔවුන්ගෙ වෘත්තීය සමිති ව්‍යාපාරය නිරුවත් කරනවා. ”
මේ අරගලය පටන් ගත් දවසේ සිටම අප නිරතුරුවම සමාජ මාධ්‍ය ඔස්සේ මේ සත්‍ය ජනතාවට පෙන්වා දුන්නා. එවිට ඔවුන් අපගේ සුජාත භාවයට අභියෝග කළ අතර අද මේ අරගලයෙ කැඳවුම්කරු ඔහුගේ කටින්ම මේ සත්‍ය ප්‍රකාශ කරනවා.
චෝදනා 11 කට වැරදිකරුවකු වී ගුරු සේවයෙන් පන්නා දැමු මහින්ද ජයසිංහලා ඩයස්පෝරාවේ හස්තයක් වූ ජෝශප් ස්ටාලින් සමග එක්ව ගුරුවෘත්තියේ ගෞරවනීය, පිවිතුරු ක න්‍යා පටලය ජනතාව ඉදිරියේම විනාශ කර දැමු අතර එයින් උපන් අවජාතක ගුරු අරගලය අද මහපාරේ නන්නත්තාර වී සිඟමන් යදිමින් ඇත.
මෙවැනි දරුණු ව්‍යසනයක් මැද 275,000 ක සුජාත ගුරුවරුන් අතරින් හාර පන්දාහක අ වජාතක ගුරුවරුන් කොටසක් එකතු කරගෙන ගෙන ගිය තුච්ඡ, නිහීන ව්‍යායාමයෙ නිරුවත හෙලිකරන්නේ එහි කැදවුම්කරුම වීම දෛවයේ සරදමකි.
දෑස් අන්ධ වී මං මුලා වී බැදි වල ගිය ගුරුවරුන් දැන්වත් බොරුව සහ වංචාව යන මේ තිමිර පටලයෙන් මිදී යථාර්තය සහ සත්‍ය අවබෝධ කරගනු ඇතැයි මම විශ්වාස කරමි.
ගෞරවනීය දිසාපාමොක් පරපුර නියෝජනය කරන වර්තමාන ගුරු පරපුරට අවසානයෙ ඉතිරි වූයේ රෙද්දෙ තුත්තිරි විතරය. ඒ ගැන ඇත්තේ අප්‍රමාණ කණගාටුවකි.
නිලන්ත සත්සර ගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More