හතේ අපේ පොත පිළිබඳව අද දින පැවැත්වූ ආංශික කාරක සභාවේදී අවසන් තින්දුවක් ගනිමින් එහි සභාපති ආශු මාරසිංහ මහතා විසින් හතේ අපේ පොත බෙදා හැරීම නැවැත්වීමට සහ ඉදිරියේදී පොත සකස් කිරීමට පෙර ඊට අදාළව ප්‍රතිපත්තියක් සහ ප්‍රමිතීන් සකස් කිරීමටද තීරණය කළ බව වාර්තාවේ. එම කාරක සභාවේදී මහාචාර්ය පූජ්‍ය මැඳගොඩ අභයතිස්ස හිමි සහ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිවරු එම පොතට විරුද්ධව ප්‍රභල ලෙස තර්ක විතර්ක ඉදිරිපත් කළ බවද වාර්තාවේ. පාර්ලිමේනතුවේදී අද පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමේදී සංස්කෘතිය තුළ අති...
ආන්දෝලනයකට ලක්ව ඇති ‘හතේ අපේ පොත’ ග්‍රන්ථය නැවත පාසල්වලට නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීන්දුව ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා දෙකක් අද (21 වැනිදා) පස්වරු 2.00 ට ඒකාබද්ධව රැස්වේ. පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21 වැනිදා) මෙසේ රැස්වේ. මෙම කාරක සභා දෙකේ සාමාජිකයන් ලෙස පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කටයුතු කරති. අද පවත්වන රැස්වීම...
මේවන විට ආන්දෝලනයකට ලක්ව ඇති "හතේ අපේ පොත" නැමැති ග්‍රන්ථය පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා ලබන ජනවාරි 21 වෙනිදා විශේෂ රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබේ. එම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කැඳවීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව අද තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ අද පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමට මහා සංඝරත්නය, විශේෂ වෛද්...
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ "හතේ අපේ පොත" පිළිබඳ දැක්වූ අදහස් සහ ඉන් පසු මතු වූ සංවාදය පිළිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ ස්ථාවරය මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් පහදයි. එම ස්ථාවරය දැක්වෙන පුවත්පත් නිවේදනය මෙසේයි.
දරුවන්ට අත්‍යවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදිත”හතේ අපේ පොත” පාසල් සිසුන් අතට පත් නොකොට යළි කැඳවීමට ගත් තීරණයට තම විරෝධය පළකරන බවත් යෞවනත්වයට පත් දරුවන්ට විධිමත් ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කලයුතු බවත් අලුත් පියාපත් සංවිධානය ප්‍රකාශ කරයි. ඒ ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කිරීමට අලුත් පියාපත් සංවිධානය අද (29) දින කැදවා තිබු මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙම මාධ්‍ය හමුවේදී කථිකාචාර්ය රාජකීය පණ්ඩිත කැකිරාවේ සුදස්සන හිමි, මාධ්‍යවේද...
පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පසුගිය 24 දා 7 ශ්‍රේණියේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමට පසුගිය රජය මුද්‍රණයකොට ඇති පොතක් සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව බොහෝ දෙනෙකුගේ වතයාරක්තය කුපිත කිරීමට හේතු වී තිබේ. විශේෂයෙන් අර එල්ලෙන්න වැලේ වැල් නැතිවූ 3% ප්‍රතිශතයට දැන් වැලක් හමුවී තිබේ. බොහෝ දෙනෙකුගේ කැත සහ ජඩ ප්‍රහාරවල දේශපාලන ඇරියස් එකක් කවර්කර ගන්නා ආකාරයක් ද පෙනෙන්නට තිබේ. මාක්ස්වාදී, ලිබරල්වාදී, හේතුවාදී, පශ්චාත් නුතනවාදී, සාර සංග්‍රහවාදී වශයෙන් මතවාදීව කුමන පැහැයෙන් සිටියත් මොවුන් අවසාන ...
පසුගිය රජය සමයේ අධ්‍යාපන, සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව 07 ශේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් නිකුත් කරනු ලැබූ ‘හතේ අපේ පොත’ පාසල් සිසුන්ට ලබා නොදෙන ලෙසට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සියළුම විදුහල්පතිවරුන්ට සහ පෙළ පොත් බෙදා හැරීමේ මධ්‍යස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබේ. මේ වන විටත් එම පොත සිසුන් අතට පත්වී ඇත්නම් නැවත එය ලබා ගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්. ජයන්ත වික්‍රමනායක මහතා සඳහන් කරයි. එලෙස දරුවන්ගෙන් එකතු කර ගන්නා සහ සිසුන්ට ලබා නොදී පාසලේ රඳවාගෙන...
ළමා මනස දුෂණය කරන ග්‍රන්ථයක් පසුගිය ආණ්ඩුව සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් 7 ශ්‍රේණියේ සිසුන් හට බෙදා හැර ඇති බවත් , වහාම එය අවලංගු කළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද(24) පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් මහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකදීයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ, රාජිත සේනාරත්න මහතා හා අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත් වීම මත නව යොවුන් විය පිළිබඳ ලබා දුන් 7 ශ්‍රේණිය...
පාසල් දරුවන්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීම සඳහා ප්‍රකාශයට පත් කළ ‘හතේ අපේ පොත’ කෘතිය පාසල්වලින් යළි එකතු කිරීමට තීරණය කළත් තවමත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇත්තේ පොත් 25000ක් පමණි. සිංහල මාධ්‍ය කෘති ලක්ෂ තුනක් සහ දෙමළ මාධ්‍ය කෘති පනස්දහසක් පාසල් දරුවන්ට බෙදාදී තිබේ. මෙම කෘතිය සම්බන්ධයෙන් විරෝධයක් මතුවීම ආරම්භ වූ පසු පාසල් දරුවන්ගෙන් පොත් එකතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලදී. බෙදාදී ඇති පොත්වලින් තුන් ලක්ෂ විසිපන්දහසක...