නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කර ගැනීම අද (05) සිදු කිරීමට නියමිතව තිබේ.
අද පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක තනතුර සඳහා පුද්ගලයෙකු පත් කර ගැනීම සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය ලබා දෙමින් තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් විය.
අදාළ ඉවත් වීම අද දිනයේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.
ඒ අනුව නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කර ගැනීමට නියමිත අතර ඒ සඳහා නම් කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඡන්දයක් පැවැත්වීමට ද සිදුවනු ඇති.
කෙසේවෙතත් අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කථානායක කරු ජයසූරිය මහතා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පක්ෂ නායක පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මේ අතර නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ නම යෝජනා කිරීමට සැලසුම් කර තිබේ.
අද පෙරවරු 11.00ට රැස්වන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් ද නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතාගේ නම යෝජනා කිරීමට තීරණය කර තිබේ.
ඊයේ (04) දිනයේ රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම අදාළ යෝජනාව ඒකමතිකව සම්මත කර ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද නියෝජ්‍ය කථානායක ධුරය සඳහා වෙනත් මන්ත්‍රීවරයෙකු නම් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...