ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු මාලාව සම්බන්ධයෙන් කොමිසමට අවශ්‍යව තිබූ සියලු තොරතුරු මේ වන විටත් අනාවරණය කරගෙන හමාර බවත් එබැවින් තවත් සාක්ෂි දෙකක් පමණක් තහවුරු කර ගැනීමෙන් පසු කොමිසමේ සාක්ෂි විභාගය අවසන් කරන බවත් මහබැංකු බැඳුම්කර කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්රසිරි මහතා ඊයේ (11දා) ප්‍රකාශ කළේය.
ඔහු එලෙස ප්‍රකාශ කර සිටියේ තවත් 20 දෙනකු පමණ සාක්ෂි ලබාගැනීම සඳහා කොමිසම හමුවට කැඳවන ලෙසට ඉල්ලා සිටිමින් ජේයෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඉල්ලා සිටි අවස්ථාවේදීය.
කොමිසමේ කාර්යභාරය වූයේ සිදුව ඇති ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනු පිළිබඳව කරුණු සොයා බලා ඊට අදාළ වගකිවයුත්තන් කවුරුන්ද යන්න අනාවරණය කොට ගැනීම බවත් එම කර්තව්‍යය ඉතාමත්ම සාර්ථක ලෙස ඉටුකර ගැනීමට කොමිසම මේ වන විටත් සමත් වී ඇති බවත් එබැවින් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරි මහතුන් විසින් ඉදිරිපත් කොට ඇති මේ ලැයිස්තුවෙන් තිදෙනකු පමණක් කැඳවා තහවුරු කරගත යුතු කරුණු සාක්ෂාත් කර ගැනීමට තීරණය කළ බවත් සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.
දැන් ඉතිරිව ඇත්තේ වාර්තාව සැකසීමේ කාර්ය පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.ඒ අනුව ඊයේ දිනයේම ඉන් එක් අයකු වූ මීට පෙරද කොමිසම හමුවේ සාක්ෂි ලබාදී සිටි සමන් කුමාර නමැත්තා කැඳවා කරුණු කිහිපයක් තහවුරු කරගනු ලැබීය. ඊට අමතරව අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික සේවා සහකාර ස්ටීම් සැමුවෙල් හා ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩල සාමාජික නිහාල් ෆොන්සේකා යන සාක්ෂිකරුවන් දෙදෙනා අද (12දා) හා හෙට (13දා) දින කැඳවීමටත්් කොමිසම එහි ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතාට නියම කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...