නිවසේ සිට රාජකාරි කරන Google සේවකයන්ගේ වැටුප් කපා හැරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
නිවසේ සිට කාර්යාලයට ඇති දුර ඇතුලු සාධක කිහිපයක් සළකා මෙම කප්පාදු චක්‍රය සකස් කර තිබෙන බවයි Google ආයතනය නිවේදනය කර ඇත්තේ.
කොවිඩ් වසංගතය හමුවේ ලොව පුරා අංශ රැසක සේවකයන් නිවෙස්වල සිට රාජකාරි සිදුකලද, එමගින් අපේක්ෂිත ප්රථිඵලය සියයට සියයක් නොලැබීමත් බොහෝ සමාගම් පාඩු ලැබීමත් වාර්තා වී තිබෙනවා. Microsoft – Facebook සහ Twitter යන තාක්ෂණ සමාගම්ද තම සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට සිදුවන බවයි මේ වනවිට නිවේදනය කර ඇත්තේ. ප්‍රථමයෙන් අමෙරිකාව තුළදී එය ක්‍රියාවට නැංවෙන අතර සෙසු රටවලට කුමන අයුරින් බලපාන්නේදැයි මේ දක්වා අනාවරණය වී නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...