විදේශ පුවත්

තලෙයිබාන් ත්‍රස්තයින් කාබුල් නුවරට ආසන්න වීමත් සමග එහි සිටින විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇෆ්ඝන් නුවරින් පිටවීම ආරම්භ කර තිබේ.

එසේ පිටවන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සහය වීම සඳහා ඇමරිකානු හමුදා භට පිරිස් කාබුල් නුවරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයින් ඉවත් කරගැනීම සඳහා එක්සත් රාජධානිය විසින් 600ක පමණ හමුදා භට පිරිසක් කාබුල් නුවරට එවා ඇත.

ඩෙන්මාර්කය සහ නෝර්වේ රාජ්‍යයන් ඔවුන්ගේ තානාපති කාර්යාල වසා දමා ඇති අතර ජර්මනිය ඔවුන්ගේ කාර්යය මණ්ඩලය අවම කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

ඊයේ දිනයේදි ත්‍රස්තයින් විසින් කාබුල් නුවරට කිලෝමීටර් 80 ක පමණ දුරින් පිහිටි ලෝගාර් ප්‍රාන්තයේ අගනුවර වන පුල්-ඊ-අලාම් නගරය ද අත්පත් කරගන්නා ලදී.

මෙසේ තලෙයිබාන් ත්‍රස්තයින් ඇෆ්ඝනිස්‍තානය පුරා සිය බලය පතුරුවමින් සිටින්නේ වසර 20 ක් පුරා එරට සිටි ඇමරිකානු හමුදා ඇතුළු විදේශිය හමුදාවන් ඉවත් කරගැනීමත් සමග වේ.

බුද්ධි අංශ වාර්තා සඳාහන් කරනුයේ ඉදිරි දින 30 ඇතුළත තලෙයිබාන් ත්‍රස්තයින් විසින් කාබුල් නුවරද අත්පත් කරගත හැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More