දේශීය පුවත්

නියෝජ්‍ය කථානායකවරයකු තෝරා ගැනීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්දයෙන් ඍජුවම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙකට බෙදී තිබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක ධුරයට ශ්‍රී ලනිපයෙන් ඉදිරිපත් කරන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට සහාය දක්වන ලෙසට එම පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී පැහැදිලිවම දැනුම් දී තිබියදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රින් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීම ගැන එහි පක්ෂ නායකයන් දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කොට තිබේ.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලනිප 16 දෙනා මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා කරන බව දැනුම් දී තිබූ අතර ඒකාබද්ධ විපක්ෂය ඇයට සහාය දෙන බවටද ප්‍රකාශ කෙරිණි.

ඒ අනුව පසුගියදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට පසුව, ඊයේ(05) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට සහාය පළ කරන ලෙස දැනුම් දී ඇත.

ඒ අවස්ථාවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා එයට විරෝධය ප්‍රකාශ කර ඇත. මහින්ද රාජපක්ෂ මහතා එයට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ ප්‍රසන්නත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් දෙදෙනාත් විරුද්ධ නම් ඡන්ද නොදී ඉන්න. අනෙක් අය සුදර්ශනීට ඡන්දය දෙන්න යනුවෙනි.

මේ අතර නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා පැවැති රහස් ඡන්දයේ අවසාන මොහොතේ බාහිර බලපෑමක් මත ඡන්ද දීමෙන් වැළකී සිටි ඒකාබද්ධයේ කීප දෙනකු ඡන්දය දීමට පැමිණ සිටි ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන් දුරකථනය ඔස්සේ පාර්ලිමේන්තු කැන්ටිමට කැඳවා ගෙන ගොස් කැන්ටිමේ වාඩි කරවා ගෙන ඡන්දය දීමෙන් වළක්වා ගෙන ඇති බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට ඉදිරිපත් කළ මන්ත්‍රිවරයා ජයග්‍රහණය කරවීමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 18 දෙනකු ඡන්දය දෙන අවස්ථාව මඟ හැර ඇත.
මේ අතර මීට විරෝදය පල කිරිමක් ලෙස ඊයේ(05) පස්වරුවේ පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පක්‍ෂ නායකයන් විසින් වර්ජනය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More