දේශීය පුවත්

තලේබාන් සටන්කාමීන්, ඇෆ්ගනිස්ථානය මුළුමනින්ම අත්පත්කර ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තානය සමග සබදතා ගොඩ නගා ගැනීමට තමන් සූදානම් බව චීනය ප‍්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරසිටී.

චීනය සහ ඇෆ්ගනිස්ථානය අතර සැතපුම් 47 ක දේශ සීමාවක් තිබෙන අතර එම දේශ සීමාවට ආසන්නව චීනයට අයත් ෂිංජියෑන් ප‍්‍රාන්තය පිහිටා ඇති අතර, එහි උයිගර් යන නමින් හදුන්වන බෙදුම්වාදීන් – චීනයට එරෙහිව කි‍්‍රයාත්මක වෙමින් සිටිති.

උයිගර් බෙදුම්වාදීන්ගේ කි‍්‍රයාකාරකම් සදහා ඇෆ්ගනිස්ථානය තෝතැන්නක් වනු ඇතැයි චීනය බියෙන් පසු වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසා සිටී.

කෙසේ වුවද චීනයට එරෙහි බෙදුම්වාදීන්ට සිය රට තුළ සිට කි‍්‍රයාත්මක වීමට ඉඩ නොදෙන බව, තලේබාන් සංවිධානය, චීන විදේශ අමාත්‍යවරයාට පොරොන්දු වී ඇති බවත් ඊට ප‍්‍රති උපකාර ලෙස, ඇෆ්ගනිස්ථානය ගොඩ නැගීමට අවශ්‍ය ආර්ථික ආධාර සහ ආයෝජන ලබා දීමට චීනය පොරොන්දු වී ඇති බවත් එම වාර්තා පවසා සිටී.

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය හැර යාමත් සමගම, තලේබාන් සංවිධානය සමග නිළ නොවන සබදතා තහවුරු කර ගැනීමට චීන රජය උත්සාහ දරා ඇති බවද කාබුල් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුළු බොහෝ බටහිර තානාපති කාර්යාල මේ වනවිට වසා දමා ඇතත්, චීන තානාපති කාර්යාලය තවමත් කි‍්‍රයාත්මක වන බවද විදෙස් මාධ්‍යය වාර්තා පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More