පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිප්ත කරන ලද දින 100 වැඩපිළිවෙල සකස් කරන ලද්දේ තමන්ද ඇතුළු කණ්ඩායමක් විසින් බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඊයේ(06) පැවති රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන්කර සිටියේය.
‘‘100 හැදුවෙ එක්තරා කණ්ඩායමක්. අපිත් සහභාගි වුණා. ජනාධිපතිතුමා ඒක හැදීමට සම්බන්ධ වුණේ නැහැ. එතුමාට කියන්න තිබුණෙ අපි ඉදිරිපත් කරපු වැඩසටහන තමයි අපට ප්‍රශ්නයක් වුණේ කියලා. නමුත් එතුමාගේ වචනයක් තමයි ප්‍රශ්නයක් වුණේ. ජනාධිපතිතුමා ඉදිරිපත් කළත් ඒක හැදුවෙ වෙන කට්ටියක්. හැම දේටම අපට තිබුණෙ මාසයක් පමණයි. උදේ 5 සිට 7 වන තුරු ඔය කමිටුව රැස් වුණා. රතන හාමුදුරුවෝ, අශෝක අබේගුණවර්ධන, චම්පික රණවක, සිවිල් සංවිධාන ඇතුළු පිරිසක් ඊට සහභාගි වුණා.“
අපවත් වූ මාදුළුවාවේ සෝපිත නාහිමියන්ගේ ගුණ සමරු උත්සවය අමතමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ‘දින 100’ වැඩපිළිවෙල දෝෂදර්ශණයට ලක් කරමින් කියා සිටියේ එය කවුරුන් විසින් සකස් කළේ දැයි තමන්ද නොදන්නා බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...