දේශීය පුවත්

මේ ආණ්ඩුව ගතවූ අවුරුදු තුනහමාර තුළ දැවැන්ත වැඩ කොටසක් කළා. ඒ වුණාට මේ ආණ්ඩුවට වැඩක් කරන්න බැහැ කියලා විපක්‍ෂය ආණ්ඩුව ඉල්ලනවා. කොච්චර කරන්න බැරි වුණත් ආණ්ඩුවක් දෙනවාද? එහෙත් මේ ආණ්ඩුව දෙන්න හදනවා වගෙයි මට පේන්නේ. ඒක තමයි වැරැද්ද. මම කනගාටු වෙනවා යැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති ගාමිණී විජිත් විජිතමුණි ද සොයිසා පැවැසීය.

බළපිටිය ධීවර වරාය ඉදිකිරීම නිරීක්‍ෂණය කිරීමටත්, ධීවර පවුල් හැට පහකට ප්‍රතිලාභ බෙදා දීම නිමිත්තෙන් බළපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කීය.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘මම කැලණිය පන්සල වඳින්න පෝය දවසේ ගිය වෙලාවේ පන්සලේ නායක හාමුදුරුවෝ ඇසුවා මේ ආණ්ඩුව එක වැවක්වත් හැදුවේ නැහැ කියලා. මම මොනරාගල වැව් තුන්සිය පනහක් හදනවා. දැනට දෙසියක වැඩ අවසන්. නුවරඑළියේ එක්දහස් අටසිය ගණන්වල හදපු ඇනිකට් එකක් හැදුවා. හඳපානගල ව්‍යාපෘතියේ අක්කර ගණන වැඩි කළා. අලිකොටේ ජනපදය වැඩ අවසන්. තව අවුරුදු දහස් ගණනකට පවතින්න වේලි සකස් කළා. මහ දැවැන්ත වැඩ කොටසක් කර තිබෙනවා. විපක්‍ෂය ආණ්ඩුව ඉල්ලනවා. ආණ්ඩුවත් දෙන්න වගේ ඉන්නවා. ඒක තමයි වැරැද්ද. කිසිම ඇමැතිවරයෙක් මේ ගැන කතා කරන්නේ නැහැ.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More