ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් සිදුවී ඇති අතර එම ප්‍රහාරයෙන් ඇමෙරිකානු සෙබලුන් ඇතුළු තලෙයිබාන්වරු 15වක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී
ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කිර්බි සඳහන් කර සිටියේ පලමු ප්‍රහාරය ඇෆ්ගනිස්ථානය බාරොන් හෝටලය අසල සිදුවූ බවත් ඉන් සුළු මොහොතකට පසුව ඇබේ ගේට්ටුව (Abbey gate) අසල දෙවන පිපිරීම සිදු වූ බවත්ය. හෙතෙම අවධාරණය කර සිටින්නේ ඇමෙරිකානු සෙබලුන් සහ ඔවුන්ගේ දරුවන් කිහිපදෙනෙකු ද මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවටය.
ඇෆ්ගනිස්තානය ප්‍රංශ තානාපති ගීටා මොහාන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ ඇෆ්ගනිස්තානය තුල තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් ගුවන්තොටුපළට නොයන ලෙසත් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඇබේ ගේට්ටුව අසල සිදුවු දෙවන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් ලබා නොදෙන අතර තලෙයිබාන් ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ දෙවන ප්‍රහාරයෙන් 13 දෙනෙකු මියගොස් ඇති බවත් ඒ අතර තලේයිබාන් සටන්කාමීන් සහ දරුවන් කිහිපදෙනෙකු කිහිප දෙනෙකු ද ඒ අතර සිටින බවත්ය
ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය රාජ්‍යය අනුබද්ධ සංවිධානයක් වන අයිසිස් – කෙ සංවිධානය විසින් කාබුල් ගුවන්තොටුපළට ආසන්නයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි අංශ මෙම සතියේ මුලදී අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...