බ්‍රිතාන්‍ය විසින් සිය හමුදා ගුවන් යානා මගින් සිදු කරන ලද පුද්ගලයින් ගළවා ගැනීම අවසන් කරන බව බ්‍රිතාන්‍ය ප්‍රකාශ කර ඇති බවට විදෙස් මාධ්ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය ආර්ක්ශක ලේකම් බෙන් බොලස් මේ පිළිබඳව අදහස් දක්වමින් කර සිටියේ ප්‍රකාශ එලෙස අවසන් වශයෙන් ඉවත් කරගැනෙන පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් මේ වන විට කාබුල් ගුවන් තොටුපොළේ ගුවන් පථය වෙත ළඟා වී ඇති බවයිග
වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කර සිටියේ හැකිතාක් පුද්ගලයින්ව ගළවා ගැනීමට අවශ්‍ය නමුත් සිය හමුදා සම්බන්ධ සම්පූර්ණ ක්‍රියවලිය ඉදිරි පැය කිහිපය තුළ දී අවසන් වන බවයි.
ඇමරිකානු භටයින් 13 ඇතුළුව 90 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සහ 150 දෙනෙකුට තුවාල කරමින් ඊයේ කාබුල් නුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළට එල්ල වූ අයි.එස්.අයි.එස් ප්රහාරයෙන් පසුව නැවතත් පුද්ගලයින් ඉවත් කරගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී.
ලක්ෂයකට අධික පිරිසක් මේ වන විට ඉවත් කරගෙන ඇති අතර දැන් ප්රමුඛත්වය දී ඇත්තේ නේටෝ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ හමුදා ඉවත් කරගැනීමට බවද විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...