රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා පැදවූ රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රියක් පෙරේදා රාත්‍රියේ හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේදී අනතුරට ලක්වුණු අතර, කැබ් රථය ගැටුණු නිවසටද දැඩි අලාභහානි සිදුවී තිබුණා.
අනතුර සිදුවන අවස්ථාවේ ඇමති පුත්‍රයා බීමතින් සිටි බව පැවසෙන අතර, තුවලා ලැබූ ඔහු රෝහල්ගත කර තිබෙනවා. ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු රෝහලෙන් පිටව ගොස් ඇතත්, මේ වන තුරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එසේම අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුල තිබී විදේශීය මත්පැන් බෝතලයක්, මෙන්ම කඩුවක් සහ මුගුරක්ද සොයාගෙන තිබෙනවා.
මීට පෙරද අමාත්‍ය පුත්‍රයා විසින් ආණමඩුව ඉගිනිමිටිය ප්‍ර දේශයේදී එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනෙකුට තුවාල කරමින් අනතුරක් සිදු කර තිබුණු අතර, තවත් අනතුරකින් ආනමඩුව ප්‍රදේශයේ දෙදරු පියෙකු මියගොස් තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...