අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් වසංගතයේ මූලාරම්භය පිළිබඳ වාර්තාවක් දෙන ලෙස එරට බුද්ධි අංශවලට කළ නියෝග ප්‍රකාරව කළ පරීක්ෂණයකට අනුව, කොරෝනා වසංගතයේ මුල්ආරම්භය පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති බව අමෙරිකානු බුද්ධි අංශ පවසන බව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කර සිටී.
ඒ අනුව අමෙරිකානු බුද්ධි අංශ වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටින්නේ,දැනට පවතින තොරතුරු අනූව වෛරසය මිනිසා නිෂ්පාදනය කළේ ද යන්න තහවුරු කිරීම අපහසු බවයි. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් මීට පෙර දෙවතාවක් කොවිඩ් 19 වෛරසයේ ආරම්භය පිළිබඳව චීනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරිණ.
එහිදී පරීක්ෂා කෙරුණේ , මෙම වෛරසය විද්‍යාගාරයක් තුළින් නිෂ්පාදනය කළ බවට ප්‍රකට වී ඇති මතය සම්බන්ධයෙනි. නමුත් එම පරීක්ෂණ දෙකේ දීම විශේෂ තොරතුරක් අනාවරණය කර ගැනීමට අපොහාසත් විය.
මේ නිසා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් වසංගතයේ මූලාරම්භය පිළිබඳ වාර්තාවක් දෙන ලෙස එරට බුද්ධි අංශවලට නියෝගයක් කර තිබිණ.
ඒ අනුව ජගත් දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ අදාල අමෙරිකානු බුද්ධි අංශ වාර්තාවෙන් දැනට චීනයට එල්ල වී ඇති චෝදනාවලින් චීනය නිදහස් කර වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...