මහරගම නගර සභාවට ස්වාධින කණ්ඩායම් දෙක (බයිසිකලය) යටතේ තරග කළ ජයග්‍රහණය කරමින් පත්වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සිය ධුර වලින් ඉවත්වී තිබේ.
ඒ අනුව මහරගම නගර සභාවේ හිටපු සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ හය දෙනෙක් මන්ත්‍රීවරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
කාන්ති කොඩිකාරට අමතරව පොදුජන පෙරමුණ නියෝජනය කරමින් චිත්‍රානි සුගතපාල, රේවතී මංගලිකා සිගේරා, සාවිත්‍රි ගුණසේකර, දිනෙත්‍රි කෙයාරා ජයසේකර සහ ඉනෝකා අනුරාධා රණවීර නව මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දී ඇති අතර, ඔවුන්ගේ නම් ගැසට් මගින්ද ප්‍රකාශයට පත් කර ඇත.
පසුගිය පෙබරවාරි 10 වනදා පැවති පලාත්පාලන මැතිවරණයෙන් බයිසිකලය ලකුණින් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙක ජයගත් අතර ඔවුන් හිමිකරගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 25 කි. එහි සභාපතිවරයා ලෙස දිවුරුම්දෙනු ලැබුවේ මෙම ස්වාධීන කණ්ඩායමේ ටිරාජ් ලක්රුවන් පියරත්න මහතායි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ අතර පසුව ඔවුන්ගේ සහයෝගයද හිමිවූයේ යතුරුපැදිය ලකුණින් ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකටයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...