විදේශ පුවත්

දැනට භාවිතා වන කිසිම කොවිඩ් එන්නත්කට ඔරොත්තු නොදෙන බවට අනුමාන කරන නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගෙන ඇත.

මෙම වෛරසය හමුවේ කොවිඩ් එන්නත් වැඩිදියුණු කළ යුතු මට්ටමක් නිර්මාණය වී තිබේ.

එය චීනයේ වුහාන්වලින් හමුවූ පළමු කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් විකෘතිතාවයෙන් යුක්ත බව මේ පිළිබඳ පර්යේෂණවල නිරත වන දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිලිබඳව විමර්ෂණය කරන ජාතික පර්යේෂණ ආයතනය සඳහන් කර තිබේ.

මෙය දකුණු අප්‍රිකාවේ තුන්වන කොවිඩ් රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදයක් බවත්, එය මෙම වසරේ මැයි මාසයේ සිට එරටින් වාර්තා වූ බවත් ඔවුහූ පෙන්වා දෙති.

පළමුවරට මෙම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමෙන් අනතුරුව එංගලන්තය, චීනය, කොංගෝ රාජ්‍යයෙන්, මොරිෂස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් ද වාර්තා වී ඇත.

මෙම නව කොවිඩ් ප්‍රභේදය C.1.2 යනුවෙන් හඳුන්වනු ලබන අතර ජනවාරි මාසයේ දී එරටින් හඳුනා ගනු ලැබූ C.1 ප්‍රභේදයේ විකෘතිතාවයක් බවට විද්‍යාඥයින් පෙන්වා දෙයි.

එසේ ම C.1.2 කොවිඩ් ප්‍රභේදයේ N440K සහ Y449H යන විකෘතිතාවයන් පෙන්නුම් කරනු ලබන බවට ද ඔවුහූ තොරතුරු දක්වා ඇත.

මෙම වෛරසය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව කෙටි කාලයක් තුල දී වේගවත් විකෘතිභාවයක් පෙන්නුම් කරනු ලබන අතර කොවිඩ් එන්නතෙන් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යා හැකි බවට ද සැලකේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More