දේශීය පුවත්

2018 මැයි 18 දින ගැසට් කරන ලද ‘‘සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත“ අද වන විට පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුලත් කර ඇති බවත් එම පනත අවලංගු කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අද (07) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා මේ බව කියා සිටියේය.

මීට පෙර ආණ්ඩුව විසින්  ඊනියා යුද අපරාධවලට දඩුවම් කිරීම සදහා සම්මත කළ අතුරුදහන් පුද්ගලයින් පිළිබද කාර්යාල පනත සහ අතුරුදහන් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත මගින් ප‍්‍රභල යාන්ත‍්‍රණපයක් නිර්මානය කරනු ලැබූ බවද තිරානගම මහතා අවධාරණය කර සිටියේය. ‘‘ අපරාධ කරුණු පිළිබද අන්‍යා්න්‍ය සහාය ලබා දීම නම්වූ මෙම තුන්වන පනත මගින් එම යාන්ත‍්‍රනය තුළ පවතින ප‍්‍රධාන බාධක කිහිපයක් ඉවත් කර ඇති බවද පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් තිරානගම මහතා පවසා සිටියේ…

‘‘ එම නව පනත මගින් මීට පෙර 2002 දී සම්මත කළ අංක 25 දරණ මුල් පනත සංශෝධනය කරනව. එ් මුල් පනත සම්මත කෙරෙන්නේ අපරාධ කරුණු පිළිබද අන්‍යෝන්‍ය සහාය දැක්වීම පිළිබද පොදු රාජ්‍ය මණ්ඩලය ප‍්‍රඥප්තිය නීතිගත කිරීමටයි. නව සංශෝධන 21 ක් මගින් එම මුල් පනත බරපතල ආකාරයට සංශෙෘ්ධනය කරනව. ඒ අනුව මෑත කාලීනව එම සංශෙෘ්ධනයට පෙර සම්මත කළ අතුරුදන්වීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනතට අදාලව වෙනත් රටකින් ඉල්ලා සිටින යුද අපරාධයකට වැරදිකරුවන් ලෙස චෝදනා ලබා සිටින හමුදා නිලධාරීන් ලෝකයේ ඔනෑම රටකට සාක්ෂිකරුවෙකු ලෙස බාර දීමට ඉඩ සැලසේ. උදාහරණයක් ලෙස අතුරුදන් කිරීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත අනුව රණවිරුවෙක් පිටුවහල් කළ හැක්කේ එම ප‍්‍රඥප්තිය අත්සන්කොට අනුමත කළ ‘‘සමම්මුති රටවල් 53 ට පමණි. නමුත් නව පනත සම්මතවුවහොත් අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ලෝකායේ ඕනෑම රටක් එම ලැයිස්තුවට ඇතුලත් කළ හැකිය. ඒ අනුව ශ‍්‍රී ලංකාව සමග අපරාධ කාරණා පිළිිබද කිසිදු ගිවිසුමක් අත්සන්කොට නැති රටක් සමග අප රට ඒකපාර්ශවීය බැදීමක් ඇතිකර ගනී. ඊට අමතරව මෙම නව පනත මගින් වෙනත් රටක කෙරෙන නඩු විභාගයකට අදාල සියලූ සාක්ෂි සහ තොරතුරු ලබා දීමට අප රට බැදී සිටී. අවශ්‍යනම් එම රටක නිලධාරීන්ට ශ‍්‍රී ලංකාවට පැමිණ තවදුරටත් ප‍්‍රශ්න කිරීමට සහ සාක්ෂි විභාග කිරීමටද අවස්ථාව සැලසේ. මෙම පනත අනුව රාජ්‍යයක ඉල්ලීම් පමණක් නොව ජාත්‍යන්තර සංවිධාන වල ඉල්ලීම් ඉටු කිරීමටද ශ‍්‍රී ලංකා ආණ්ඩුව බැදී සිටීනව.‘‘

ඒඅනුව මහජනයා නොමග යැවීම සදහා අතුරුදහන් පුද්ගලයන්ගේ කාර්යාල පනත සහ අතුරුදහන්වීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත් වරින්වර සම්මත කළත් මෙම පනත් ත‍්‍රිත්වය එක්ව ගත්විට ඉතා ප‍්‍රභල ලෙස යුද අපරාධ සදහා දඩුවම් කිරීමේ යාන්ත‍්‍රනයක් සකස්වේ.විශේෂයෙන්ම මානව හිමිකම් කොමසාරිස්ගෙ නිර්දේශ අනුව රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කිරීම සදහා ප‍්‍රභල යාන්ත‍්‍රණයක් සකස්වේ. ඒ අනුව දැන් ඩයස්පෝරාව ඉල්ලා සිටින විශේෂ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හෝ ටී.එන්.ඒ පක්ෂය ඉල්ලා සිටින දෙමුහඅන් යුද අපරාධ අධිකරණය පිහිටුවීම අවශ්‍ය නොවේ. ඊට හේතුව එම පනත් ත‍්‍රිත්වය මගින් රණවිරුවන් රාශියකට බොරු සාක්ෂි මත දඩුවම් කිරීම සදහා ඉතා ප‍්‍රභල සහ කාර්යක්ෂම යාන්ත‍්‍රණයක් සකස් වීමය. ඒ අනුව පැහැදිලිවන්නේ රණවිරුවන් පාවා දීමේ ක‍්‍රි‘යාවලිය කිසිදු බාධාවකින් තොරව ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග වලට අවශ්‍ය ආකාරයට සහ ඔවුන්ගේ සැලසුම් වලට අනුව ඉදිරියට ගමන් කරන බවය.

සාපරාධී කාරණාවලදී වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන පනත මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More