අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩල සභික ජිම් බෑන්ක් මහතාට අනුව අමෙරිකා එක්සත් ජනපද හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් පිටව යන විට තලේබාන් අන්තවාදීන් අතට පත් වීමට ඉඩ හරින ලද යුද අවි වල වටිනාකම ඩොලර් බිලියන 85ක් පමණ වේ.
එපමණ වටිනාකමක් සහිත යුද අවි අතර ප්‍රහාරක ගුවන් යානා සහ බර අවිද අඩංගුව පවතින බවද පැවසේ. ජිම් බෑන්ක්ගේ හෙළිදරව්වට අනුව අමෙරිකාව තලේබාන් අන්තවාදීන්ට ලැබෙන්නට සැලස්වූ ප්‍රහාරක අවි අතර බැලැක් හෝක් හෙලිකොප්ටර් 45ක් ඇතුළුව ප්‍රහාරක ගුවන් යානා 211 ක් අයත් වේ.
ඔහුගේ හෙළිදරව්ව සම්බන්ධව විග්‍රහයක යෙදෙන යුද විශේෂඥයන් පෙන්වා දෙන්නේ ලෝකයේ ස්වාධීන රාජ්‍යයන් වල ආරක්ෂක හමුදාවන් සතු බ්ලැක් හෝක් හෙලිකොප්ටර් බලගනයන් හා තලේබාන්වරු සතු හෙලිකොප්ටර් ගණන සැසඳීමේදී එවැනි ජාතික රාජ්‍යයන් වල ආරක්ෂක හමුදාවන් ගෙන් 85%ක් සතු හෙලිකොප්ටර් ප්‍රමාණයට වඩා වැඩි ගණනක හෙලි කොප්ටර් ප්‍රමාණයක් තලේබාන්වරු සතු වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...