දේශීය පුවත්

රුසියානු විදේශ අමාත්‍යය සර්ජි ලැව්‍රො මහතා රුසියානු මාධ්‍යය වෙත අදහස් දක්වමින් , අමෙරිකාව ඇෆ්ගනිස්ථානයේදී ලද අපකීර්තිය සම්බන්ධයෙන් රුසියාව කාලකන්නි සතුටක් නොලබන බව පවසා සිටියේය.

සැප්තැම්බර් මාසයේදී රුසියාවේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ අමාත්‍යයවරයා පවසා සිටියේ කලාපීය අස්ථාවරත්වය ” පුහු සැමරීම් ” වලට වඩා බොහෝ ඉහලින් තබා කටයුතු කිරීමට රුසියාව කටයුතු කරණ බවයි.

“සමහරු අපි ඇෆ්ගනිස්ථානයේදී අමෙරිකාව ලැබූ පරාජය සම්බන්ධව කාලකන්නි සතුටක් ලබන බව පවසනවා.නමුත් අපට එවැනි අවරගනයේ සතුටක් නැහැ.”යනුවෙන් සර්ජි ලැව්‍රො මහතා මාධ්‍යයට පවසා සිටියේය.

එහිදී මාධ්‍යය විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ,”ඇෆ්ගනිස්ථානයට සහ රුසියාවට අයත්වන දේශ සීමා අතර නිදහස් වීසා උපයෝගී කරගෙන සංචරණය කළ හැකි ලෙස තිබෙන එකඟතාවයන් හේතුවෙන් අපගේ මිතුරු රාජ්‍යයන්ට සහ අපගේ සන්ධානයේ රාජ්‍යයන්ට සිදුවන අනිසි බලපෑම් සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා.”යනුවෙන් රුසියානු විදේශ ඇමතිවරයා පවසා සිටියේය.

පැරණි සෝවියට් රුසියාව සහ ඇෆ්ගනිස්ථානය අතර සම්බන්ධය සිහි කරමින් අදහස් දක්වමින් ඒ මහතා මධ්‍යයම ආසියාවේ මානුෂීය තත්වයන් පිළිබඳවද තම අවධානය යොමු කරන බව පවසා සිටියේය.

මේ අතර මොස්කව් පාලනය දිගින් දිගටම පවසා සිටියේ තම අසල්වසි රාජ්‍යයන් වන ටජිකිස්ථානය සහ උස්බෙකිස්ථානය සමඟ කටයුතු කරණ බවයි. එලෙසම ඉස්ලාම් අන්තවාදීන් ප්‍රත්‍යයන්ත දේශයන්ට කඩා වැදීමේ අනතුර වලක්වා ලීමට දේශසීමා ප්‍රදේශ වල දේශීය හවුල්කරුවන් සමඟ  මොස්කව් පාලනය යුද අභ්‍යාස පවා කරණු ලැබීය.

එහෙත් යුද අභ්‍යාස වලට සමගාමීව තලේබාන් සංවිධානය රුසියාව තුල තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබීම පසෙකලා සාම සාකච්ඡා සාර්ථක කර ගැනීමටද කටයුතු කළේය.

මේ අතර, රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් මහතා, අගෝස්තු මාසයේ අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යාම නිසා කළාපයේ ඇතිවන ව්‍යාකූල තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, නව ත්‍රස්ත තර්ජනයක් ඇතිවීමට ඉඩ කඩ විවර වන බවය.

පුටින් ජනාධිපතිවරයාට අනුව ත්‍රස්තවාදී සටන්කරුවන් ” අනාථයන් ලෙස වෙස්වලාගෙන” ප්‍රත්‍යයන්ත දේශයන්ට ඇතුළු වීමේ අනතුරක් පවතී.

මේ අතර පසුගිය සතියේ චීන ජනාධිපති ක්ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් අතර සිදුවූ දුරකතන සංවාදයකදී, කළාපයේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම පිණිස රුසියාව සහ චීනය එක්ව කටයුතු කිරීමට එකඟ වී ඇති බව රුසියානු මාධ්‍යය වාර්තා කර සිටියේය.

ඔවුන් දෙපලගේ සාකච්ඡාව අතර තුර දෙපාර්ශවයම කිසිදු විවාදයකින් තොරව එකඟ වී තම තමන්ගේ දේශ සීමාවල සිට ත්‍රස්ත තර්ජනයන්ට සහ මත් ද්‍රව්‍යය ජාවාරමට එරෙහිව කටයුතු කිරීමටයි.

Despite US humiliation in Afghanistan, Russia not gloating over chaos & only ‘worried about region,’ Moscow’s top diplomat says



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More