කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් කොලොම්බියාවෙන් සොයාගෙන ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වෛරස් ප්‍රභේදය “මූ” යනුවෙන් නම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙහි විද්‍යාත්මක නාමය බී.1621 වේ.
මෙම “මූ” වෛරස් ප්‍රභේදය පළමුවරට ජනවාරි මාසයේ දී කොලොම්බියාවෙන් හඳුනාගෙන ඇති අතර එය විකෘතිතා රාශියකින් යුතු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම වෛරස් ප්‍රභේදය කොරෝනා මර්දන එන්නත් වලට එරෙහිව සටන් කිරීමේ අවදානමක් පවතින බවද වාර්තා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනුයේ මෙම වෛරස් ප්‍රභේදය පිළිබඳව තවත් අධ්‍යයන කටයුතු සිදු කළ යුතු බවයි.
මෙම “මූ” වෛරස් ප්‍රභේදය මේ වන විට ඇමරිකාව සහ යුරෝපීය රටවලින් වාර්තා වී ඇති අතර මෙය පුද්ගලයකුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට විශාල බලපෑමක් සිදු කරන බව ද අනාවරණය කරගෙන ඇත.
“මූ” වෛරස් ප්‍රභේදය කොලොම්බියාව තුළ 39 % ක ව්‍යාප්තියක් පෙන්නුම් කර ඇති අතර එය ලොවපුරා ව්‍යාප්ත වීමේ අගය 0.1% ටත් වඩා අඩු අගයක් ගන්නා බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...