විදේශ පුවත්

වසර 1600ක් ඉපැරණි අඩි 49ක් පමණ උස වූ බුද්ධ ප්‍රතිමාවක් ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට චීන රජය කටයුතු කර ඇත.

මෙම බුද්ධ ප්‍රතිමාව චීනයේ ගන්සු පළාතේ ටියැන්ටි කඳුකරයේ ජලාශයක් ආශ්‍රිතව නිර්මාණය කර ඇති අතර එය නිර්මාණය කර ඇත්තේ ක්‍රි.ව.317 දී චීනය පාලනය කළ ජින් රාජවංශය යි.

මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමාවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය මැයි මස දී ආරම්භ කර ඇති අතර කම්කරුවන් විසින් ප්‍රතිමාව අවට ඇති පාෂාණවල ඇති ජලය , කැඩී ගිය පාෂාණ කැබලි ඉවත් කර ඇත.

තවද බුද්ධ ප්‍රතිමාවේ පාද දැඩි ලෙස හානියට පත්ව තිබී ඇති අතර ඒවා යළි පැවති ලෙසටම ප්‍රතිසංස්කරණය කර ඇත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More