තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ නව නායකයෙකු යටතේ නව ආණ්ඩුවක් අද(03) සවස් වන විට ප්‍රකාශයට පත් කරණවා යැයි වාර්තා පලවීමත් සමඟ රුසියාව, තලේබාන් ආණ්ඩුව සම්බන්ධ තම ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව අද(03) දින මීට සුළු වේලාවකට ප්‍රථම රුසියානු විදේශ අමාත්‍යාංශය ඇෆ්ඝනිස්ථානයේ පිහිටුවීමට නියමිත තලේබාන් ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ,ඇෆ්ඝනිස්ථානයේ වෙසෙන සියළු ජාතිකත්වයන් නියෝජනය කරණ සැබෑ ජනතා ආණ්ඩුවක් කාබුල්හි පිහිටුවන තුරු තලේබාන්වරු සමඟ සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර නොවන බවයි.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක වන මාරියා සාකොරෝවා මහත්මිය ,” ඇෆ්ඝනිස්ථානයේ සියළුම ජන වර්ග වලට අයත් නියෝජිතයන්ගෙන් සමන්විත ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් රුසියාව පෙනී සිටිනවා. මෙම ක්‍රියාදාමය නිවැරදිව අවසන් වූ පසු ඇෆ්ඝනිස්ථානයේ නව රජය නිල වශයෙන් පිළිගැනීමට රුසියාව සලකා බලනවා.” යනුවෙන් පැවසුවාය.
අගෝස්තු 15 වනදා ඇමෙරිකානු හමුදා තලේබාන්වරුන්ට පහසුවෙන් බලය පැවරෙන ලෙස ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමෙන් පසු රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් මහතා, තලේබාන්වරු සමස්ත ඇෆ්ඝනිස්ථානයම පාලනය ගෙන ඇති බව සත්‍යයක් බවත් බටහිර රටවල් මෙන් කටයුතු නොකර ජාත්‍යයන්තරය සත්‍යය කරුණු මත පදනම්ව ප්‍රතිචාර දැක්විය යුතු යැයි පැවසුවේය.
මේ අතර ලෙබනනයේ බීරූට් නුවර පදනම් කරගත් රූපවාහිනී නාලිකාවක් වන අල් මයිදීන් රූපවාහිනී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් තලේබාන් සංවිධානයේ මාධ්‍යය ප්‍රකාශකයෙකු වන මුහම්මුද් නයීම් මහතා ප්‍රකාශ කර සිටියේ “රුසියාව” සහ “චීනය” සමඟ තලේබාන් සංවිධානය හොඳ සම්බන්ධතාවයක් ගොඩ නඟා ගෙන සිටින බවයි.
මේ සම්බන්ධව අදහස් දක්වන ජාත්‍යයන්තර දේශපාලන විශ්ලේෂකයන් පවසා සිටියේ ලෝකයේ සමහර වාමාංශික නැඹුරුතාවයක් තිබෙන අධිරාජ්‍යය විරෝධී දේශපාලන නැඹුරුතාවයක් සහිත කණ්ඩායම් රුසියාව සහ චීනය තලේබාන් පාලනය පිළිගැනීමට කටයුතු කරණ බවට වරදවා වටහා ගෙන ඇති බව දකින්නට ලැබෙන බවයි.
ඔවුහු වැඩිදුරටත් අදහස් දක්වමින් කලාපීය අස්ථාවරභාවය පමණක් නොව මානවයා නැවත ගල් යුගයට ගෙනයාමට තරම් විනාශකාරී දර්ශනයක් කරපින්නගෙන සිටින තලේබාන්වරුන්ගේ ජයග්‍රහණය සුළු කොට තැකීමට චීනය සහ රුසියාව දේශපාලන අත දරුවන් බවට පත්ව නොමැති බවයි.
මේ අතර ජාත්‍යයන්තර මාධ්‍යය වාර්තා කර තිබුණේ අද(03) සවස් වන විට ඇෆ්ගනිස්ථානය පාලනය කරණ නව නායකයා නිල වශයෙන් නම් කිරීමට සූදානමින් සිටියද තලේබාන් සංවිධානයේ මාධ්‍යය ප්‍රකාශකයෙකු වන සබිඋල්ලාහ් මුජාහිඩ් මාධ්‍යය වෙත පවසා සිටියේ නව රජය පිළිබඳව සහ එහි නායකයා පිළිබඳව ප්‍රකාශයට පත් කිරීම සෙනසුරාදා(04) දිනය දක්වා කල් දැමීමට සිදුවූ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...